යේමන ගැටුම් උග්‍ර වෙයි: හූති කැරලිකරුවන් රතු මුහුදේ උපායමාර්ගික ප්‍රදේශ අත්පත් කරගනී 80,000කට වැඩි පිරිසක් අවතැන්
මැදපෙරදිග කලාපයේ පැවැති සාපේක්ෂ සංසුන් භාවය කෙළවර කරමින් යේමන රාජ්‍ය හමුදාවන් සහ ඉරාන සහාය ලබන හූති (Houthi) කැරලිකරුවන් අතර දරුණු ගැටුම් නැවත ආරම්භ වී තිබේ..
පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ වූ මෙම නව ප්‍රහාර මාලාවත් සමඟ බටහිර වෙරළබඩ කලාපයේ දැවැන්ත මෙහෙයුමක නිරත වූ හූති කැරලිකරුවන්, යේමන රජයට අයත්ව තිබූ අතිශය උපායමාර්ගික වැදගත්කමකින් යුත් මොකා වරාය නගරය සහ ඩුබාබ් ප්‍රදේශයේ බලය අත්පත් කරගෙන ඇත මීට අමතරව, ජාත්‍යන්තර තෙල් සහ වෙළඳ නෞකා ගමනාගමනය සිදුවන ප්‍රධානතම ජල මාර්ගයක් වන බැබ්-එල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ පිහිටි මයියුන් දූපතේ බලයද හූතිවරුන් විසින් තහවුරු කරගෙන තිබේ
රතු මුහුද හරහා ගමන් කරන නෞකාවලට සෘජුව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව හූතිවරුන්ට ලැබීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල සහ නාවික ගාස්තු නැවතත් ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව ඇත
මේ අතර, යේමන රාජ්‍ය හමුදාවන් ප්‍රකාශ කරන්නේ තමන් නැවත සංවිධානය වී තයිස් සහ ඩුබාබ් ප්‍රදේශවල පිහිටි හූති ඉලක්ක වෙත ගුවන් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිප්‍රහාර ආරම්භ කර ඇති බවයි හූතිවරුන් විසින් සෞදි අරාබියේ දකුණු දිග ප්‍රදේශ වෙතද මිසයිල ප්‍රහාර එල්ල කිරීම නිසා සෞදි අරාබියටද සෘජුවම මෙම ගැටුමට මැදිහත් වීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇත
දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉදිරියේදී පැවැත්වෙන සාම සාකච්ඡාවලදී වැඩි බලයක් ලබාගැනීමට සහ මැදපෙරදිග ප්‍රබල බලවේගයක් බව පෙන්වීමට හූතිවරුන් උත්සාහ කරන බවයි
කෙසේ වෙතත්, මෙම දැවැන්ත ගැටුම් හමුවේ යේමන ජනතාව බරපතල මානුෂීය අර්බුදයකට මුහුණ පා සිටිති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවලට අනුව, මෙම නව ගැටුම් ආරම්භ වූ තැන් සිට මේ දක්වා 80,000කට වැඩි ජනපිරිසක් අවතැන් වී ඇති අතර, ආහාර, පිරිසිදු පානීය ජලය හිඟකම සහ බෝවන රෝග පැතිරීම හේතුවෙන් යේමනය ලොව දරුණුතම මානුෂීය ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටී




