Wednesday, May 13, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

එප්පාවල ප්‍රධාන පාසලක උණුසුම් තත්ත්වයක්: සිසුවෙකුගේ පිහි ඇනුමකින් උසස් පෙළ සිසුන් 5ක් රෝහලට

එප්පාවල නගරයේ පිහිටි ප්‍රසිද්ධ රජයේ පාසලක අද (13) උදෑසන ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහර දී සිසුන් පස්දෙනෙකු තුවාල සිදුකිරීමේ පුවතක් වාර්තා වේ. තුවාල ලැබූ සිසුන් පිරිස මේ වන විට එප්පාවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

වාර්තා වන අන්දමට මෙම ගැටුම සිදුව ඇත්තේ 12 වැනි ශ්‍රේණියේ (උසස් පෙළ) ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අතරය.
තුවාල ලැබූවන් තාක්ෂණ අංශයේ සිසුන් 05 දෙනෙකි.
සැකකරු එම පාසලේම විද්‍යා අංශයේ ඉගෙනුම ලබන 12 වැනි ශ්‍රේණියේ සිසුවෙකි.

මීට දින කිහිපයකට ඉහතදී සැකකාර සිසුවා සහ තුවාල ලැබූ එක් සිසුවෙකු අතර ඇති වූ ආරවුලක් මෙම සිද්ධියට මුල් වී ඇත. එම පැරණි කෝන්තරය පිරිමසා ගැනීම සඳහා සැකකාර සිසුවා අද උදෑසන පාසලට තියුණු ආයුධයක් රැගෙන විත් ඇති අතර, එක් සිසුවෙකුට පහර දෙන අවස්ථාවේ එය වැළැක්වීමට පැමිණි අනෙක් සිසුන් සිව්දෙනාටද මෙලෙස තුවාල සිදුව ඇත.

පිහි ඇනුම සිදුකළ සිසුවා අදාළ තියුණු ආයුධයද සමඟ එප්පාවල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි. පාසල් විනය සහ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු කරමින් එප්පාවල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

Popular Articles