spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

කාලගුණ විපර්යාස පෘතුවියෙ මිණිස්සුන්ට දඩුවම් දීම අනිවාර්යක්..

තවමත් රටවල්වල භූමි වෙනුවෙන් මරා ගන්න.. මුදල් සෙවීම සහ.. මේ පෘතුවිය අයිති මිනිස්සුන්ට පමණයි ඒ වෙනුවෙන් මිනිස්සුන්ගේ පහසුකම් වෙනුවෙන් සියල්ල වෙනස් කරන කාර්මික විප්ලවයෙන් පස්සේ සංවර්ධනය කියන නමින් නිර්මාණය කරගත් අතිශය ආත්මාර්ථකාමී නරුම ජීවන විලාශය නිසා…ලෝකයේ මිනිස්සුන්ගේ සහ නායකයන්ගේ ආත්මාර්ථකාමී සිතන විදිහ සහ ජීවන විලාශය නිසා ලෝකය පුරාම පසුගිය මාස කිහිපය තුළ කාලගුණ විපර්යාස අත්දැකීම් හමුවුණා.. ඒ වගේම එල්නීනෝ ලානීනා කාලගුණ විපර්යාස තත්ත්වය කිසිසේත් ලෝකයට නතර කර නොහැකියි කියලා විද්‍යාත්මකව අනතුරු අඟවලා අවසන්..

එහෙත් ලෝකයේ සත්‍ය තමයි පෘථිවිය අයිති මිනිස්සුන්ට පමණක් නෙවෙයි. උදාහරණයක් මී මැස්සො විනාශ වෙමින් යනව…මී මැස්සො සම්පූර්ණම විනාශ වෙලා ගියොත් ලෝකයෙම ආහාර අර්බුදයක් එනවා.. සියලු මල්ඵල හටගැනීම් නවතිනව..

එල්නීනෝ ලානීනා තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම් ඇතුළු දේශගුණික හා කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක කාර්යාලයේ දී දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය නැවත වරක් රැස් වුනා..

මේ අවස්ථාව වෙනුවෙන් මෙහි සම සභාපතීත්වය දරන මහචාර්ය එල්. එම්. අබේවික්‍රම ද විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සිටියා.. එහි දී එල්නිනෝ ලානීනා තත්ත්වය සම්බන්ධයෙන් සහ එහි බලපෑම් සිදුවිය හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු වුනා..දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මේ අවස්ථාව වෙනුවෙන් මහාචාර්ය Ahimsa Campos Arceiz ද එක්ව සිය අදහස් ඉදිරිපත් කලා..

Popular Articles