ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් චෝදනාව එල්ල වූ බිමල් රත්නායකට මෙන්, ඩොලර් බිලියන ගණනක් මහ බණ්ඩාගාරයේ සිදුවූ වංචාව මෙන්, කන්ටේනර් වංචාව මෙන් , හෝ, පගාව ගන්නා විටම අල්ලස් සහ දූෂණ කොමිසම විසින් අතටම අත්අඩංගුවට ගත් වීඩියෝ සහිත නගරාධිපති උප නගරාධිපති ධූරයෙහි වැඩ පිහිටුවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගෙනයන දූෂිත ක්‍රියාමාර්ග මෙන් දේශපාලනයක් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය සිදු නොකරන බවත්, චෝදනාවක් එල්ල වී තිබෙන්නේ චරිත් අබේසිංහටද, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකීයකුටද , අනාගතයේ ආණ්ඩු බලයක් මෙහෙයවන කාලයක නම් ඇමතිවරයෙක්ද, අගමැතිවරයාද කියා අදාළ නොවන බවත්, වරදක් සිදුකර තිබේ නම් තරාතිරම නොබලා විනයම ක්‍රියාමාර්ග ගන්නා බවත් , මෙකී මොහොතේ, සමගි ජන බලවේගය ආණ්ඩුවට ආදර්ශයක් ලබාදෙන බවත් හිටපු පළාත් සභා මන්ත්‍රී සමග ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික වරුණ රාජපක්ෂ අද සමග ජන බලවේගයේ මුලස්ථානයේ පැවති මාධ්‍යය හමුවකදී මාධ්‍ය අමතමින් සඳහන් කළේය..
🌍🌸එනිසා කිසි සේත් ඊයේ දිනේ චරිත් අත්අඩංගුවට ගැනීමේ නාට්‍යය සහ ජනාධිපතිවරයා දහසකුත් ප්‍රශ්ණ කතා කරන්නට තිබෙන තත්පරයක තවමත් විපක්ෂයේ දේශපාලන මනෝභාවය සහිතව පාර්ලිමේන්තුවේ නාට්‍යය රඟදක්වමින් චෝදනාවක් එල්ල වී තිබෙන චරිත් සම්බන්ධව සමගි ජන බලවේගයේ ක්‍රියාමාර්ග කුමක්දැයි නොඇසිය යුතු බවත්.., අදාල විනයම ක්‍රියාමාර්ගය සමගි ජන බලවේගය මේ වන විටත් ලබා ගෙන ඇතිබවත්.., එය එසේ වුවද විජයදාස රාජපක්ෂ ගෙන් මුදල් ලබා ගැනීමට සුනිල් හඳුන්නෙත්ති සමග අනුර කුමාර දිසානායක ගොස් මුදල් දීපු තැන විජයදාසත් සිටිය තමයි… ඒත් මම නිවැරදිකරු කියනවා මෙන් චරිත් අබේසිංහ නිවැරදිකරු කීමට තමන්ගේ දේශපාලන ව්‍යාපාරය උත්සාහ නොකරන බවත්, එසේම අධිකරණයකින් වරදකරුවෙක් කරනතුරු ඕනෑම කෙනෙකු සැකකරුවෙකු පමණක් වන පදණම්න් සහ, මාධ්‍යය ට සහ සමාජ මාධ්‍යයට , වැරදිකරු නිවැරදිකරු තීරණය කිරීමට නොහැකිය යන පදනමින් චරිත් වැරදිකරුවකු බවට පත් කිරීමටත් උත්සාහ නොකරන බවත් , අද මාධ්‍ය හමුවේදී වරුණ රාජපක්ෂය සඳහන් කර සිටියේය..
එකී මාධ්‍ය සාකච්ඡාව Infosrilanka වෙබ් අඩවිය සහ ඇත්ත වෙබ් අඩවිය ඔවුන්ගේ මධ්‍යය ආයතනවල youtube නාලිකාවල විකාශය කර තිබූ වරුණ රාජපක්ෂ මාධ්‍යය අමතන වීඩියෝවේ සබඳිය මෙලෙස සටහන් කරන්නෙමු….



