spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

නුගුණ සියල්ල පක්‍ෂයෙන් ඉවත් කරනවා..

දේශපාලඥයා සේම සාමදාන විනිසුරුවන් දෙස ද ජනතාව විමසිල්ලෙන් බලා සිටින නිසා නිවැරදිව හා ස්වයං නියාමනයකට යටත්ව ආචාර ධාර්මිකව සිය සේවාව ඉටු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ධම්ම පදය අනුගමනය කරමින් සිය පක්ෂය පවා මෙම ප්‍රතිපත්තියේ සිටින බවත් එසේ සුදුසු ගුණයේ පිහිටා කටයුතු කළ නොහැකි අය පක්ෂයෙන් නෙරපා දමන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (27) ප්‍රථම වරට පැවැති සමස්ත ලංකා සාමවිනිසුරු ප්‍රජා සංවර්ධන ජාතික සමුළුව අමතමිනි.

සාමවිනිසුරු ක්ෂේත්‍රය ඉහළට ගෙන ඒමට ගත යුතු සෑම පියවරකටම පූර්ණ සහයෝගය ලබා දෙන බවත් පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදීත් ඒ වෙනුවෙන් හඩ නගන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ මෙම සාමවිනිසුරු සේවාව ඉටු කිරීමේ දී ගැටලු රැසක් ඇතිවන බවත් සාමවිනිසුරු පදවිය සඳහා අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වුවත් එය ඊට සීමා විය යුතු නැති බවත් ය.

අධ්‍යාපන සහතික නොමැති වුවත් හැකියාවක් ඇති පිරිස් ගම්වල සිටින අතර ඒ හේතුවෙන් ගම්වල ප්‍රජා සේවා ඉටු කරන අයටද මේ සඳහා අවස්ථාව හිමිවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Popular Articles