spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ජවිපෙට අමතක වූ,..ඩෙංගු මර්දන කියුබන් උපක්‍රම වරුණ මතක්කරයි..(වීඩියෝ)

​දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු උෂ්ණාධික රටවලට විශාල තර්ජනයක් වී ඇති ඩෙංගු රෝගය මැඩපැවැත්වීමට තවමත් අප බහුලව භාවිත කරන්නේ ධූමායනය සහ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම වැනි සාම්ප්‍රදායික ක්‍රමවේදයන්…….නමුත් ලෝකයේ බොහෝ රටවල් මේ වන විට ඩෙංගු මර්දනය සඳහා ජෛව තාක්ෂණය සහ නවීන එන්නත් තාක්ෂණය සාර්ථකව භාවිත කරමින් ඉන්නව…

​ශ්‍රී ලංකාව තුළ පවතින වසංගතමය තත්ත්වය නිසා.. භාණ්ඩාගාරයෙ පිරී උතුරනා බදු මුදල් යොදවන්නම ඕනි මොහොතක් මේක… හේතුව ශ්‍රී ලංකාවේ 2026 සෞඛ්‍යදත්ත ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සංඛ්‍යාලේඛනවලට අනුව,
​රෝගීන් සහ මරණ සංඛ්‍යාව 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 76,000 කට අධික ප්‍රමාණයක්, ජීවිත 56 කට මේ ලෝකය දාලා යන්න වුනා… සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 160 කට වැඩි ප්‍රමාණයක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තියෙනව..සමස්ත රෝගීන්ගෙන් 50% කටත් වඩා (40,000 කට අධික ප්‍රමාණයක්) වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.. විශේෂයෙන්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක දැඩි ලෙස පීඩාවට පත්ව තියෙනව…

මැයි සහ ජූනි මාසවල ඇදහැලුණු වැසිත් සමඟ ජූනි මාසයේදී පමණක් රෝගීන් 21,500 ඉක්මවා වාර්තා වෙමින් ව්‍යාප්තිය දෙගුණයකින් වැඩිවෙලා තියෙන්නෙ…

​ග්ලෝබෝල් හාර්ට් බීට් නාලිකාවේ වීඩියෝදකදී වරුණ රාජපක්ෂ සඳහන් කරන්නේ.. තමන්ද ජවිපෙ සිටින කාල වකවානුවේදී මේ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කර ඇති අතර… ජවිපෙ මිත්‍ර රාජ්‍යයක් වන කියුබානු සහ ඉන්දුනීසියා, බ්‍රසීල ආදර්ශය ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක කළ හැකි බවයි…

කියුබාව මගින් හඳුන්වා දුන් BTI බැක්ටීරියා ක්‍රමය මගින් සිදුවන්නේ මදුරු කීටයන් විනාශ කිරීමයි. ජලයට එකතු කරන මෙම බැක්ටීරියාව මගින් නිපදවන ස්වාභාවික විෂ ද්‍රව්‍යයක් මගින් මදුරු කීටයාගේ ආහාර මාර්ගය විනාශ කර උන් කීට අවධියේදීම විනාශ කර දමයි. මෙය පරිසර හිතකාමී මෙන්ම අනෙකුත් ජීවීන්ට හානියක් නොවන ක්‍රමයකි…
​වොල්බැකියා බැක්ටීරියා තාක්ෂණය (ඉන්දුනීසියාව සහ බ්‍රසීලය)
මෙය ලෝකයේ වඩාත්ම සාර්ථක වූ ජෛව විද්‍යාත්මක ක්‍රමයකි. මෙහිදී සිදුවන්නේ වොල්බැකියා නැමැති ස්වාභාවික බැක්ටීරියාව ඊජිප්ටයි සහ ඇල්බොපික්ටස් යන ඩෙංගු වාහක මදුරුවන්ගේ බිත්තර වෙත ඇතුළු කිරීම……..

​මෙම බැක්ටීරියාව මදුරුවාගේ ශරීරය තුළ ඩෙංගු වෛරසය වර්ධනය වීම වළක්වනව.. එනම් මදුරුවා දෂ්ට කළද වෛරසය මිනිසාට බෝ වෙන්නෙ නැහැ එමෙන්ම වොල්බැකියා සහිත මදුරුවන් සාමාන්‍ය මදුරුවන් සමඟ බෝවීමේදී ඇතිවන ඊළඟ පරම්පරාවලට ද මෙම බැක්ටීරියාව ස්වාභාවිකවම උරුම වෙනව… ඉන්දුනීසියාවේ යොග්යාකාර්ටා නගරයේ සිදුකළ පරීක්ෂණවලදී ඩෙංගු රෝගීන් වාර්තා වීම 70%-77% අතර ප්‍රමාණයකින් අඩු කර ගැනීමට සමත් වුනා.. බ්‍රසීලය ද මෙම තාක්ෂණය අතිසාර්ථකව අත්හදා බලමින් මිලියන ගණනක ජනගහනයක් ආරක්ෂා කලා…


​2022 වසරේදී ජපානයේ ටකේඩා ඖෂධ සමාගම විසින් TAK-003 Qdenga නමැති විප්ලවීය ඩෙංගු එන්නත නිෂ්පාදණය කලා…

මෙම එන්නත මගින් ශරීරයේ මතක සෛල උත්තේජනය කර ඩෙංගු වෛරස වර්ග 4ටම එරෙහිව ප්‍රබල ප්‍රතිදේහ නිපදවවනව… සායනික පරීක්ෂණවලට අනුව මෙම එන්නත මගින් වසර 7ක පමණ දීර්ඝ කාලීන සුරක්ෂිතතාවක් සහ ආරක්ෂාවක් ලබාදෙන බව තහවුරු කරල තියෙනව…
​2022 යුරෝපීය සංගමය,2024 දි මැලේසියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක් මෙය අනුමත කලා..
​2025 2026 ඉන්දියාවේ ඖෂධ පාලන අධිකාරිය ඇතුළු ආසියානු රටවල් කිහිපයක් ද දේශීය භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්න….
​මේ වන විට ලෝකයේ රටවල් 48 කට වැඩි ප්‍රමාණයක් මෙම එන්නත සාර්ථකව භාවිත කරනව…

​ශ්‍රී ලංකාව තවදුරටත් සාම්ප්‍රදායික මදුරු මර්දන ක්‍රම සහ ඩ්‍රෝන යානා භාවිත කර මදුරුවන් බෝවන ස්ථාන සෙවීම වැනි යටිතල පහසුකම් මත පමණක් යැපීමෙන් ඩෙංගු වසංගතය පාලනය කරන්න බැහැ.. අප වහාම මෙවැනි පියවර වලට යන්න ඕනි…

ලංකාවේ කොළඹ නගරයේ සීමිත ප්‍රදේශවල ආරම්භ කළ වොල්බැකියා පරීක්ෂණ ව්‍යාපෘති, ඉන්දුනීසියාව සහ බ්‍රසීලය මෙන් බස්නාහිර පළාතේ සියලුම අධි අවදානම් නාගරික ප්‍රදේශ පුරාම කඩිනමින් ව්‍යාප්ත කිර….,
​Qdenga TAK-003 එන්නත ශ්‍රී ලංකාවට හඳුන්වා දීම…

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් මෙම එන්නත සෞඛ්‍ය ක්ෂේත්‍රයට අනුමත කර ගැනීම සහ අධි අවදානම් කලාපවල සිටින දරුවන් හා පුද්ගලයින් සඳහා ජාතික එන්නත්කරණ වැඩසටහනට ඇතුළත් කිරීම…..

​ජෛව තාක්ෂණික පර්යේෂණ සඳහා අරමුදල් වෙන්කිරීම.. කියුබාවේ BTI වැනි බැක්ටීරියා තාක්ෂණයන් දේශීයව නිපදවා ගැනීමට සහ පර්යේෂණ සක්‍රීය කිරීමට විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන දිරිගැන්වීම….

​සෞඛ්‍ය පද්ධතියේ පිරිවැය අවම කර ගැනීම…. එන්නත්කරණය සහ නවීන ජෛව තාක්ෂණික මර්දන ක්‍රමවේද හරහා රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු කරගැනීමෙන් රෝහල් පද්ධතියට සිදුවන අධික පිරිවැය සහ පීඩනය අවම කර ගන්න පුළුවන්…


​ඩෙංගු යනු හුදෙක් පරිසරය පිරිසිදු කිරීමෙන් පමණක් මුළුමනින්ම තුරන් කළ හැකි රෝගයක් නොවේ. ගෝලීය වශයෙන් සාර්ථක වී ඇති වොල්බැකියා තාක්ෂණය සහ TAK-003 Qdenga එන්නත වැනි නවීන විද්‍යාත්මක මෙවලම් ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන ජාතික ප්‍රතිපත්තියට එකතු කර ගැනීමෙන්, වසරින් වසර අහිමි වන සිය ගණනක් වටිනා මිනිස් ජීවිත බේරා ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇති…

Popular Articles