බණ්ඩාරවෙල – බදුල්ල මාර්ගයේ ත්‍රීමයිල් ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ සිසුවෙකු මියගොස් තිබේ.
යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් තවත් සිසුවෙකු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මඩකළපුව, ඉරුජයපුරම් පදිංචිව සිටි 22 හැවිරිදි මානික්කරාජ් එරෝන් නැමති සිසුවෙකි.
මොවුන් මිතුරන් පිරිසක් සමග යතුරුපැදි හතරකින් ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.
බදුල්ල දෙස සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වූ මෝටර් රථයක සිසුන් ගමන් කළ යතුරුපැදිය ගැටී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.




