අම්බලන්තොට, මාමඩල බොකුට යාය ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ ගෙල කපා ඝාතනය කර එම හිස මාමඩල හන්දියේ පිළිරුවක එල්ලා තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන ‘කරුණෙ ලොක්කා’ නැමැති සැකකරු අම්බලන්තොට පොලීසිය විසින් ඊයේ (21) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය පුද්ගලයා මීට පෙර මාමඩල ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටි අයෙකි.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන ජූනි 4 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, අත්අඩංගුවට ගත් නවතම සැකකරු අපරාධ නඩු කිහිපයකට වරෙන්තු ලබා සිටින අයෙකු බව පොලීසිය පවසයි.




