Friday, May 22, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

වාහන අංක තහඩු ලබා නොගත් හිමිකරුවන්ට දැනුම්දීමක්

2023 සහ 2024 වසරවලදී මුද්‍රණය කර ඇති නමුත් මේ දක්වා වාහන හිමිකරුවන් විසින් ලබාගෙන නොමැති වාහන අංක තහඩු ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ගොඩගැසී ඇති බව වාර්තා වේ.

මෙම අංක තහඩු ලබන ජුනි 30 වන දිනට පෙර නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් හෝ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෝටර් රථ ප්‍රවාහන ශාඛාවෙන් ලබාගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වැඩිදුර තොරතුරු සඳහා 011-2033333 යන දුරකථන අංකය ඔස්සේ අංක තහඩු අංශය අමතා විමසීම් කළ හැක.

Popular Articles