මධ්‍යම ඇමරිකාවේ පිහිටි සැල්වදෝරය යනු ලොව බිහිසුණුම රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටකි.
දූෂිත දේශපාළුවන්ගේ තුරුලේ හැදී වැඩුනු සැල්වදෝරයේ පාතාල කල්ලි වල අපරාධ වලින් එරට පිරී ගියේය. එරට තරුණ ප්‍රජාවගෙන් සැළකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයටද ඒවා ප්‍රවාහනය කිරීමටද දායකවී සිටි අතර කප්පම් ගැනීම් ,පැහැර ගැනීම් හරහා දෛනිකව මිනිස් ජීවිත 105 කට වඩා අහිමි වෙමින් තිබුණි. එරට පාතාල කල්ලි අතරින් ප්‍රධාන ලෙස සලකනු ලබන්නේ Mara Salvatrucha (MS13)සහ Barrio 18 ය .
2019 එරට ජනපතිවරණයෙන් බලයට පත්වූ Nayib Bukele හට මෙම පාතාල කල්ලි හරහා රට පුරා ක්‍රියාත්මක වන මහා අපරාධ රැල්ල හිසරදයක් විය. 43 හැවිරිදි වියේ පසුවන සැල්‍වදෝර් ජනපතිවරයා එරට පාතාලයට එරෙහිව දබරැඟිල්ල දිගුකිරීම ආරම්භ වූයේ Mara Salvatrucha (MS13)සහ Barrio 18 කල්ලි දෙක අතර ඇතිවූ ගැටුමකින් එකම ස්ථානයක 87 දෙනෙකු ඝාතනය වීමත් සමගය.

එතැන් සිට මාස 20 ක් රට පුරා හදිසි නීතිය ප්‍රකාශ කර රටේ සියළුම හමුදාවන් හා පොලීසිය පාතාලය නසා වනසා දැමීමේ මෙහෙයුමකට සම්බන්ධ කරගනු ලැබීය. රට පුරා ප්‍රවාහනය කළ මත් තොග අත්අඩංගුවට ගැනීමට විශාල මෙහෙයුම් දියත් කළ අතර සඟවා ඇති අවි තොග පිටින් අත්අඩංගුවට ගනු ලැබීය. පාතාලයට එරෙහිව දියත් කළ පළමු මාස දෙක ඇතුලත 30000 ක් අපරාධකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් හමුදා රැකවල් මැද අධි ආරක්ෂිත සිරගෙවල් තුල ගාල් කරන ලදී.
එතැන් සිට දියත් කළ පළමු මාස 20 ඇතුලත MS13 කල්ලියට අයත් අපරාධ කල්ලි සාමාජිකයින් 52,541 ක්ද Barrio 18 කල්ලියට අයත් සාමාජිකයින් 13,682 ක්ද Sureños නැමති අපරාධ කල්ලියට අයත් සාමාජිකයින් 10,741 ක් අත්අඩංගුවට ගත්බව Sight Crime ආයතනය වාර්තා කර ඇත.
එරට තරුණ ජනපති පළමු මාස 20 ඇතුළත අපරාධ කල්ලි හරි අඩකින් බෙලහීන කිරීමෙන් පසුව යළිත් එරට පාර්ලිමේන්ත්ව අමතා පාතාලය එරටින් සහමුලින්ම අතුගා දැමීමට නව නීති ගෙන ඒමටත් හදිසි නීතිය තව මාස 20 කින් දිර්ඝ කිරීමටත් කළ ඉල්ලීම බහුතර ඡංදයෙන් සම්මත කර ජනපතිට සහය පළ කළේය.
එරට ව්‍යාපාරිකයින් මාසිකව ඩොලර් ලක්ෂ ගණනින් ඉහත කී පාතාල කල්ලි වලට කප්පම් වශයෙන් දුන් අතර ජනපති Nayib Bukele දැඩි පාලනය යටතේ පාතාල කල්ලි ක්‍රියාකාරිත්වය අඩපන වීමෙන් පසුව ඔවුන් නිදහසේ තම ව්‍යාපාරික කටයුතු කරගෙන යන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එරට ඉදිරිපෙළ තරුණ ව්‍යාපාරිකයෙකු වූ Nayib Bukele අගනුවර වන එල් සැල්වදෝර් හි නගරාධිපති ලෙස කටයුතු කරමින් නගරයේ ආර්ථික දියුණුවට මග පෙන්වූ ප්‍රබලම චරිතය විය. පසුව ඔහු 2019 පැවති එරට ජනපතිවරණයට ඉදිරිපත්වී නව ආර්ථික මොඩලයක් හඳුන්වා දුන් අතර එය එරට ජනතාව බහුතර ඡංදයකින් අනුමත කළේය.
මධ්‍යම ඇමරිකාවේ කුඩා රටක් වූ සැල්වදෝර ආර්ථිකය ගොඩගැනීමට තිබූ එකම බාධාව වූයේ අපරාධ ගහනත්වයයි. දිනකට සිය ගණනක් මරා දමන මිලේච්ඡ සංස්කෘතියකින් එරට සමාජය වෙලාගෙන තිබුණි….

රටේ ආර්ථිකය ගොඩ ගැනීමට පෙර රටට පිළිලයක් වූ අපරාධකරුවන් මර්ධනය කළ යුතු බවට කල්පනා කළ තරුණ ජනපති එකී කාර්‍ය තම හමුදාවට හා පොලීසියට පවරන ලදී. අපරාධ මර්ධනය සඳහා එරට හමුදාව පොලීසිය අඛණ්ඩව මෙහෙයුම් දියත් කළේය. පැය 72 ක් ඇතුළත ප්‍රධාන අපරාධකරුවන්ට එරෙහිව නඩු අසා තීන්දු දෙන ලදී………
නව ජනපති පත්වන විට එරට ජනගහණයෙන් ලක්ෂයකට 115 දෙනෙකු දිනකට වෙඩිතබා කපා කොටා ම!රාදමන ප්‍රතිශතය ඔහු බලයට පැමිණ වසර තුනකින් ලක්ෂයකට 8 දෙනකු මරා දමන ප්‍රතිශතයකට අඩු කිරීමට සමත්විය…
නව ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එරට නීතිය තදින් ක්‍රියාක්මක වන අතර මේ වනවිට දුගී රටක් ලෙස හංවඩු ගසා තිබූ සැල්වදෝරයේ ආර්ථිකය සැළකියයුතු මට්ටමකින් දියුණු වෙමින් පවතී. වීදි පුරා නිරන්තරයෙන් ඇසුනු වෙඩි හඬ නිහඬ විය. රටක නායකත්වය සතු බලය නිසි ලෙස කලමණාකරනය කර එරට වෙලා සිටි පාතාලය දණ ගැස්සීය…




