spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

​බන්ධනාගාර ආතතිය සහ අසහනය දේශපාලනික කුණාටුවක් බවට පත් විය හැක..

දැනට JVP නායකත්වයක්‌ සහිත npp ආණ්ඩුවක් පවතින පසුබිමක, මහර බන්දනාගාර සිද්ධියේදී “කිසිදු මග හැරීමක් හෝ මග හැර යාමක් වී නැත” යනුවෙන් වාර්තා සහ තහවුරු කිරීම් ආණ්ඩුව පැත්තේන් ප්‍රකාශ වී තිබුනා වුනත්, මෙම සිද්ධිය පිළිබඳ නිවැරදි තොරතුරු තවමත් සමාජයට නිසි ලෙස වාර්තා වී නොමැත.මීගමුවේ පැවති තත්වයන්ටත් වඩා මෙය බරපතල බව සිදු වී ඇති දේපල හානි හරහා වාර්තා වේ. මෙම සිද්ධිය හරහා සමාජය තුළ පවතින අවිශ්වාසය, සමකාලීන නරූමවාදය සහ මධ්‍යම පන්තික අවරසික බව නැවතත් සක්‍රිය වී ඇත.

​අප මෙය යම් පාඩමකින් ඉගෙන ගත් දෙයක් ලෙස පමණක් සලකා මග හැරිය නොහැක. පීඩිතයන් අරබයා ඔවුන්ගේ අසහනය, පීඩාව (ආර්ථිකමය හා සංස්කෘතිකමය පීඩාවන්) එකතු වන විට, එය නැවත@ත් අපට සිතා බැලීමට සහ උපායමාර්ගිකව ක්‍රියා කිරීමට බලපෑමක් ඇති කරයි.ශ්‍රී ලංකාවේ ඓතිහාසික තත්වය අනුව, ඕනෑම ප්‍රබු පන්තියේ පාලකයෙකුට හෝ නිලධාරියෙකුට වුවද දිගු කාලීනව සිරගත වීමට සිදු වූ අවස්ථා තිබේ.

​ අප පෝසත්, ලස්සන රටක් හෝ පරමාදර්ශී සමාජයක් ගැන කතා කරන්නේ නම්, හිරගෙවල් අපායක් ලෙස පවත්වා ගනිමින් සිරකරුවන් අමනුෂ්‍යයන් ලෙස සැලකිය නොහැක.

​බන්ධනාගාර තුළ ඇති වන ආතතිය සහ අසහනය, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා සගරයේ කුණාටු ඇති වන්නා සේ, මුළු රටම මුහුණ දෙන විශාල දේශපාලනික කුණාටුවක් බවට පත් විය හැක….

​JVP හි අතීතයේ තිබූ විශිෂ්ටතම ලක්ෂණය වූයේ ප්‍රතිරෝධය දැක්වීම පිළිබඳ පැවති නිපුණතාවයයි වලව්වලට, අධිපති පන්තියට, ඉංග්‍රීසි භාෂාවේ ප්‍රභූත්වයට සහ පාලකයන්ට එරෙහිව ප්‍රතිරෝධය දැක්වීමේදී ඔවුන් දැක්වූ අධිෂ්ඨානය සහ සටන් කාමීත්වය එහි සදාචාරාත්මක වටිනාකම විය.බන්දනාගාර පිළිබද වඩාත් ශාරීරික අද්දැකීම් සහිත පිරිසක් වන්නෙත් ඔවුන්ය.

​පශ්චාත් නුතන තත්වයක පවතින සමාජයක ප්‍රතිරෝධය දැක්වීම යනු පැරණි සීතල යුද්ධ සමයේ ක්‍රමවේදයන් නොවේ. ප්‍රතිපත්ති සම්පාදකයන් සහ උපායමාර්ගිකයන් සතු කාර්යභාරය වන්නේ මෙම අසහනයන් නිසි ලෙස කළමනාකරණය කිරීමයි.

​තහවුරු වන තොරතුරු අනුව, බන්දනාගාර පද්ධතිය තුළ විශාල වැරදි ගොඩක් පෙනෙන්නට තිබේ.එක් අයෙකු සිටිය යුතු තැනක අට දෙනෙකු රැඳවීම, උණුසුම් කාලගුණය හමුවේ ජලය සහ ආහාර සපයා ගැනීමේ අපහසුතා ඇති වීම වැනි මූලික ගැටලු පැන නැගී ඇත.නව පරම්පරාවේ ඇමතිවරුන්ට හෝ ආණ්ඩුකරණයේ යෙදෙන අයට මේවායේ බරපතලකම තේරෙන්නේ නැතිවා විය හැක. එක අයෙක් සිටිය යුතු තැන අට දෙනෙකු සිටින විට ඇති වන ආවේගය, කෝපය සහ වෛරය ගැන ඔවුන් සංවේදී විය යුතුය.

​සමාජීය ආවේගයන්ට ඇහුම්කන් දීම යනු කුමක්ද? උදාහරණයක් ලෙස, මවක් “අපේ පුතා කුඩු ගැහුවේ අපේ සල්ලිවලින් යැයි කියන විට, එහි දේශපාලනික නිවැරදිකරණයට වඩා ඇත්තේ හැඟීම්බර ආවේගයකි. පාලකයන් එම හඬට සහ පීඩාවට බර තැබිය යුතුය.වත්මන් පාලනය මෙම ප්‍රශ්න හමුවේ තමන්ගේ අසමත්භාවය අවංකව සලකා බැලිය යුතුය.අධිකරණ අමාත්‍යවරයා ඇතුළු සමස්ථ බන්දනාගාර පද්ධතිය හමුවේ ඇත්තේ මනුෂ්‍ය ඝාතන සහ අර්බුද හමුවේ පද්ධතියේ ඇති අසමත්කම පිළිබඳ චෝදනාවයි.මෙම සමාජීය ප්‍රශ්න සහ බන්ධනාගාර අර්බුද විසඳීමට පාලකයන්ට තේරෙන්නේ නැත්නම් හෝ නොහැකි නම්, ජනතාවට සහ ප්‍රතිරෝධයට ඉඩ දී ගෙදර යාම පවා ප්‍රශ්නයක් නොවේ. වැදගත් වන්නේ ජනතාවට යුක්තිය ඉටු වන, නිසි ලෙස රට පාලනය වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමයි….

Popular Articles