Tuesday, May 5, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

වැලිකඩ රැඳවියෙකු මියයයි: බන්ධනාගාර නියාමකවරුන් 3ක් අත්අඩංගුවට!

මත්ද්‍රව්‍ය චෝදනාවකට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේම සේවය කරන නියාමකවරුන් තිදෙනෙකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, අදාළ රැඳවියාට බන්ධනාගාර නිලධාරීන් විසින් පහර දී ඇති බවට ඥාතීන් කරන ලද චෝදනා මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

පසුගිය 03 වන දින බන්ධනාගාරයේ පිරිසිදු කිරීමේ කටයුත්තක් අතරතුර මෙම රැඳවියා පළා ගොස් තිබේ.

පසුව නිලධාරීන් විසින් ඔහුව යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇත.

එහිදී හදිසියේ රෝගාතුර වූ රැඳවියා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Popular Articles