හෝමූස් සමුද්‍ර සන්ධිය සහ පර්සියානු ගල්ෆ් කලාපය ආශ්‍රිතව ඇමෙරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට ඉරානය කටයුතු කළහොත්, එම රට ලෝක සිතියමෙන් පවා මැකී යන පරිදි දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
විදෙස් මාධ්‍ය ආයතනයක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා පවසන පරිදි දැනට ඔහු සතුව ප්‍රධාන විකල්ප දෙකක් පවතී:
අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වූ එකඟතාවයකට පැමිණීම.
යළිත් වරක් දැඩි හමුදා මෙහෙයුම් දියත් කිරීම.
හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ ඉරාන බෝට්ටු හතක් ඇමෙරිකානු හමුදා විසින් විනාශ කළ බව ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ ද සටහන් කර තිබුණි. මීට පෙරද ඔහු සමාජ මාධ්‍ය හරහා පවසා සිටියේ ඉරානය මෙලෙස කටයුතු කළහොත් සමස්ත ශිෂ්ටාචාරයක්ම අතුගා දැමීමට තමා පසුබට නොවන බවයි.



