Monday, May 18, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

විමල් වීරවංශ ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව ජූලි 13 දක්වා කල් යයි

2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ජූලි මස 13 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණයට පැමිණ නොසිටි බැවින් සාක්ෂි විභාගය ජූලි මස 13 වැනිදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය.

2016 පෙබරවාරි මස 06 වනදා එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු මෙරට සංචාරයක නිරත වූ අවස්ථාවේදී, ඊට විරෝධය පළ කරමින් කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීම තුළින් මාර්ග අවහිර කොට මහජන පීඩාවක් සිදුකළ බවට කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබේ.

මංමාවත් පනත සහ පොලිස් ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවට චෝදනා කරමින් මෙලෙස නඩු පවරා ඇත්තේ

විමල් වීරවංශ
ජයන්ත සමරවීර
වීරකුමාර දිසානායක
පියසිරි විජේනායක
රොජර් සෙනෙවිරත්න
මොහොමඩ් මුසම්මිල්

යන මහත්වරුන්ට එරෙහිවය.

Popular Articles