Home Blog

ආදරය… ලිංගික සුරාන්තය, සහ කාලය අතර ඇත්තම කතාව..

0

මේ වගේ සිංදුවක්…මේ නිදහස් ආරක්ෂිත ලොකේෂන් පවා මෙකී වස්තු විෂයට අදාල නිසා.. ආදරෙන් සටහන් කරනව මේ සිංදුව අහන ගමන් කියවන්න.. මෙකී සටහණේ හැඟීම ඔබට වඩාත් දැණෙයි එතකොට….

https://www.facebook.com/share/v/197uAhhbJE/
https://www.facebook.com/share/v/197uAhhbJE/

ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්තයි කියලා කිව්වෙ පැරණි පරම්පරාව..මේ යුගය දන්නවා ඒක පට්ටපල් බොරුවක් කියලා….

මේ දෙකම එකිනෙකට සාපේක්ෂයි..

එනිසා මෙකී මාතෘකාව සමාජ අවධානයට ලක්විය යුතුමයි. ඒකයි ලෝකයේ බොහෝ රටවල්වල අවුරුදු 16 වෙනකොටම ලිංගික අධ්‍යාපණය ලබා දෙන්නේ….

📔බොහෝ දෙනෙක් හිතනවා ලිංගික සුරාන්තය, සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ ‘කාලය’ මත කියලා. වැඩි වෙලාවක් ලිංගිකව එක්වුනොත් විතරමයි සුරාන්තය ලැබෙන්නේ කියන මිථ්‍යාව සමාජයේ තදින්ම මුල් බැහැලා තියෙනවා. හැබැයි වෛද්‍ය විද්‍යාවට අනුව ඒක සම්පූර්ණ වැරදි මතයක් සහ එය ශාරීරික වගේම මානසික සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත ක්‍රියාවලියක්. ලිංගික උත්තේජනයක් නිසා ශරීරයේ රුධිර ගමනාගමනය වැඩි වෙලා, මාංශ පේශි තද වෙලා, අවසානයේදී මොළයෙන් නිකුත් කරන ඩොපමින් සහ ඔක්සිටොසින් වැනි හෝමෝන නිසා ඇතිවන උපරිම තෘප්තිමත් සහ සැහැල්ලු හැඟීමට තමයි සුරාන්තය කියන්නේ…

ඒක මිනිහෙක් හෝ ගැහැණියෙක් ලැබිය යුතුම ආත්මීය සුවයක්…. බෞද්ධ දර්ශනය ඇතුළු ලෝකයේ සියළු ආගමික දර්ශන අනුවත්.. මිනිසෙක්ට ලෝකයේ ලැබිය හැකි අවසන් විමුක්තිය (නිබ්බාණ හෝ මෝක්ෂය) සොයා යන කිසිවෙක්ට හෝ… එකී සුවය අනන්තය තෙක් විඳලා.. මනස සැහැල්ලු වීමෙන් පසුව සහ ඒ හැඟීම් මට මේවා ඕනි නැහැ.. කියල, කෘතිමව නැති කරන්න බැහැ…. ඒකයි සිදුහත් කුමාරයා සියලු සුවයන් විඳලා ආදීනව දැණිලා (ආදීනව දැනෙන්න නම් අනන්තය තෙක් එකී හැඟීම් විඳින්නම ඕනි.. )ඒක සැබෑ සුවය නෙවෙයි කියල, ලෝකයේ වෙනත් මනසේ සුවයක් තියෙනව කියල රාජකීය සුවයන් අත්හැරලා වෙනත් විමුක්තියක් සොයාගෙන යන්නෙ..

📔වැදගත්ම දේ තමයි, මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න පැය ගණන් ගත වෙන්න ඕනි නැහැ. ශරීරය සහ මනස නිවැරදිව උත්තේජනය වෙනවා නම්, ඉතා කෙටි කාලයකදී වුණත් කෙනෙකුට සුරාන්තයට පත්වෙන්න පුළුවන්.

​ඒත් බහුතරයක් විශාල මිත්‍යාවක් වෙන කාලය පස්සේ දුවල.. අනවශ්‍ය බෙහෙත් වර්ග භාවිතා කරලා ලිංගික බෙලහීනියෝ බවට පත්වෙනව..

ඒකට ප්‍රධානම හේතුව තමයි වැඩිහිටි චිත්‍රපට හරහා සමාජගත කරලා තියෙන වැරදි චිත්‍රය. ඒවායේ පෙන්වන පැය ගණන් දිවෙන දර්ශන සැබෑ ජීවිතයට අදාළ වෙන්නේ නැහැ…

📔 සහ එකී කාලය කියන එකත්.. මනසේ සැහැල්ලුවෙන් අනිකාගේ අවබෝධයෙන්.. ප්‍රැක්ටිස් එකෙන් මයින්ඩ් එක පාලනය කරලා ලැබෙන දෙයක්..

අවධානය තියෙන්නේ ඔරලෝසුවේ වෙලාව දිහා නම්, ‘මට වැඩි වෙලාවක් පුළුවන් වෙයිද?’ කියල.. මානසික ආතතියට පත්වෙලා.. උත්තේජනය නැති වෙලා දෙන්නටම එකී විඳීම සුරාන්තය නැතිවෙලා යනවා…

📔💚මේකෙ මූලික පළමු වෙනි දේ තමයි පූර්ව සූදානම..විශේෂයෙන්ම කාන්තාවකට සුරාන්තය ළඟා කරගන්න විනාඩි 15-20කවත් ආදරණීය පූර්ව සූදානමක් අවශ්‍යයි. සෘජු ලිංගික එක්වීමට වඩා මේ පූර්ව සූදානම තමයි සුරාන්තයට පාර කපන්නේ..

මොකද විද්‍යාත්මකවත් අපි දන්නවා ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ මොළය වැඩ කරන විදිහ හැඟීම් දැනෙන විදිහ වෙනස්… සිපගන්නා විදිහෙ ඉඳලා ආදරය දනවන විදියේ ඉඳලා හැඟීම් දැනිවීමේ කලාවක් ඒක…. ඒ හැර ටැබ්ලට් ගහලා ඔහේ වැඩි වෙලාවක් ලිංගිකව එක් වුනාට ගැහැණුන්ගේ සුරාන්තය එයාලට ලැබෙන්නේ නැහැ..

📔 උඩ සටහන නිශ්චිතව මතු කරන්නේ අත්‍යවශ්‍ය ප්‍රධානතම කරුණ.. මානසික නිදහස සහ සන්නිවේදනය..

තමන් කැමති අකමැති දේ සහකරු හෝ සහකාරිය සමඟ විවෘතව කතා කිරීම සහ දෙදෙනා අතර තියෙන ආදරණීය බැඳීම නිසා සුරාන්තයට පත්වීම ඉතාමත් පහසු වෙනවා. මනස නිදහස් නැත්නම් ශරීරය කිසිම විටක ප්‍රතිචාර දක්වන්නේ නැහැ.”

ඒකෙ අතිශය වැදගත් පිරිමින් සහ කාන්තාවන් සුරාන්තයට පත්වන ආකාරය එකිනෙකට වෙනස්. සාමාන්‍යයෙන් පිරිමින් ඉතා ඉක්මනින් සුරාන්තයට පත්වෙන්න පුළුවන් වුණත්, කාන්තාවකට ඒ සඳහා වැඩි කාලයක් සහ විවිධාකාර උත්තේජනයන් , ( එය එක්තරා අන්දමක චක්‍රයක්.. එකී චක්‍රයෙ පියවරෙන් පියවරේ අවසානය තමයි එයාලගේ අනන්තය…)

විශේෂයෙන්ම ක්ලිටෝරිස් හෝ භගමණිය ආශ්‍රිත උත්තේජනයන් ගැහැණියට අත්‍යාවශ්‍යයම වෙනව.. තවත් සරලව කිව්වොත් මුඛ සංසර්ගය.. ඒ නිසා කාලය ගැන නොසිත අනෙකා සිතන විදිහ සහ දැණිම තේරුම් අරගෙන එයාට මත්වෙන තරම් දැණෙන උත්තේජනයක් දීමෙන් පමණමයි ඇයට සුරාන්තිය නැහැනම් අනන්තීය හැඟීම් ලබාදෙන්න පුළුවන්..

💚 ඒ නිසාම යශෝධරාවතේ කියන්නේ මට අනන්තය තෙක් හැඟීම් දැනේවා කියලා…

✍️ලක්මාල් රණබාහු..

යුක්‍රේණයට ට්‍රම්ප්ගෙන් යුක්‍රේනයට පේට්‍රියට් බලපත්‍රයක්!

0

යුක්‍රේන-රුසියා යුද්ධය 2026 වසරේ පෙරළිකාරම සහ භයානකම තත්ත්වයට දැන් පත්වෙලා තියෙනවා. ඊයේ සහ අද, ඒ කියන්නේ ජූලි 8 සහ 9 වෙනිදා මුළු රුසියාවම හොල්ලමින් යුක්‍රේනය විසින් එල්ල කළ දැවැන්තම ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් රුසියාවේ ප්‍රධාන තෙල් පිරිපහදු රැසක් සහ Azov මුහුදේ තිබූ රුසියානු තෙල් නැව් පවා ගිනිබත් කර තිබෙනවා. මේ ප්‍රහාර නිසා රුසියාව පුරා මේ වන විට දැඩි ඉන්ධන අර්බුදයක් සහ පෝලිම් යුගයක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම, තුර්කියේ පැවැත්වෙන නේටෝ සමුළුව අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේනයට ලෝකයේ බලවත්ම ‘පේට්‍රියට්’ මිසයිල ආරක්ෂණ පද්ධතිය රට තුළම නිෂ්පාදනය කිරීමට නිල බලපත්‍රය ලබා දී තිබෙනවා! ඇත්තටම ඊයේ සහ අද දිනවල සිද්ධ වුණු මේ මහා පෙරළිය මොකක්ද,

“පසුගිය පැය 24-48 ඇතුළත යුක්‍රේන හමුදාව රුසියාවේ ආර්ථිකයේ හදවත බඳු වූ තෙල් යටිතල පහසුකම් ඉලක්ක කරමින් ඉතිහාසයේ දරුණුතම ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කළා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ඔවුන් යුක්‍රේන ඩ්‍රෝන යානා 415 ක් වර්ධනය කර විනාශ කළ බවයි. නමුත් ඉන් විශාල ප්‍රමාණයක් ඉලක්ක වෙත පතිත වී තිබෙනවා.

​ඊයේ රාත්‍රියේ සරතොව් (Saratov) ප්‍රදේශයේ පිහිටි රොස්නෙෆ්ට් (Rosneft) සමාගමට අයත් දැවැන්ත තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන යානා කඩා වැදීමෙන් මහා ගින්නක් හටගත්තා. එමෙන්ම ටාටාස්තාන් (Tatarstan) ජනරජයේ පිහිටි රුසියාවේ තාක්ෂණිකව දියුණුම පිරිපහදුවක් වන ටැනෙකෝ (TANECO) පිරිපහදුවටද අද අලුයම ප්‍රහාර එල්ල වුණා. මීට අමතරව ට්වර් (Tver) සහ ස්ටාව්‍රොපොල් (Stavropol) ප්‍රදේශවල පිහිටි තෙල් ගබඩාවල රිසර්වයර් (Reservoirs) ගිනිබත් වී තිබෙනවා.

​වඩාත්ම සුවිශේෂී සිදුවීම වන්නේ, Azov මුහුදේ (Sea of Azov) ගමන් කරමින් තිබූ රුසියාවේ ‘Shadow Fleet’ හෙවත් හොර රහසේ තෙල් ප්‍රවාහනය කරන නැව් සමූහයට අයත් තෙල් ටැංකර් නැව් දෙකකටද යුක්‍රේනය සාර්ථකව ප්‍රහාර එල්ල කර ගිනි තබා තිබීමයි. මේ ප්‍රහාර මාලාව නිසා රුසියාවේ සයිබීරියානු කලාපය ඇතුළු ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල දැඩි තෙල් හිඟයක් ඇතිවී තිබෙනවා. ජනතාව කලබලයෙන් තෙල් මිලදී ගන්නා අතර, රුසියානු රජයට ඇතැම් ප්‍රදේශවල ඉන්ධන සලාක ක්‍රමයකට (Fuel Rationing) පාලනය කිරීමට පවා සිදුවී තිබෙනවා.”

“රුසියාව ඇතුළත මේ විනාශය සිදුවන අතරතුර, ජාත්‍යන්තර දේශපාලන කරළිය උඩුයටිකුරු කළ තවත් සුවිශේෂී සිදුවීමක් තුර්කියේ අන්කාරා නුවරදී සිදුවුණා. ඒ, එහි පැවැත්වෙන නේටෝ සමුළුව අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර පැවැත්වුණු විශේෂ හමුවයි.

​මෙහිදී ජනාධිපති ට්‍රම්ප් විසින් යුක්‍රේනයට ඉතාමත් තීරණාත්මක සහ ඓතිහාසික සහනයක් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව, ලෝකයේ සාර්ථකම ගුවන් ආරක්ෂණ පද්ධතියක් වන ඇමරිකානු ‘පේට්‍රියට්’ (Patriot) මිසයිල ආරක්ෂණ පද්ධතිය සඳහා අවශ්‍ය මිසයිල, යුක්‍රේනය ඇතුළතදීම නිල වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා වන විශේෂ ‘නිෂ්පාදන බලපත්‍රය’ (License) යුක්‍රේන රජයට ලබා දීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. මෙතෙක් කල් ඇමරිකාවෙන් මිසයිල ලැබෙනතුරු බලා සිටි යුක්‍රේනයට, මින් ඉදිරියට තමන්ගේම රට තුළ පේට්‍රියට් මිසයිල නිපදවාගෙන රුසියානු ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට මේ හරහා අවස්ථාව ලැබෙනවා. මෙය යුද්ධයේ ගමන් මග වෙනස් කළ හැකි දැවැන්ත පියවරක්.”

“මේ අතර, රුසියානු හමුදාවන්ද යුක්‍රේනයේ අගනුවර වන කියෙව් (Kyiv) සහ ප්‍රධාන නගර ඉලක්ක කරමින් දරුණු ප්‍රහාර මාලාවක් දියත් කළා. ඊයේ සහ අද දිනවල රුසියාව විසින් ඉස්කැන්ඩර් (Iskander-M) බැලස්ටික් මිසයිල සහ ෂහීඩ් (Shahed) ඇතුළු විවිධ වර්ගයේ ඩ්‍රෝන යානා 94 කට අධික ප්‍රමාණයක් යුක්‍රේනය දෙසට මුදා හැර තිබෙනවා.

​යුක්‍රේන ගුවන් ආරක්ෂක අංශ විසින් ඉන් 72 ක්ම බිම හෙළීමට සමත් වුවද, ඉතිරි ප්‍රහාර කියෙව් නගරයේ ජනාවාස සහ ගොඩනැගිලි මතට පතිත වුණා. කියෙව් නගරයේ ඩෙස්නියාන්ස්කි (Desnyanskyi) දිස්ත්‍රික්කයේ උස් මහල් නිවාස පද්ධතියකට සහ පෞද්ගලික ආයතන කිහිපයකට හානි සිදුවී ඇති අතර, කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ (Vitali Klitschko) තහවුරු කළ ආකාරයට මෙම ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එමෙන්ම ඛාර්කිව් (Kharkiv) නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින්ද පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 34 දෙනෙකු තුවාල ලැබුවා.”

“තුර්කියේ පැවැත්වෙන නේටෝ සමුළුවේ තීරණ සහ ඇමරිකාවේ ක්‍රියාකලාපය පිළිබඳව රුසියාව අද (ජූලි 9) ඉතාමත් දැඩි ප්‍රකාශයක් නිකුත් කළා. රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාරියා සකාරෝවා කියා සිටියේ, නේටෝ සංවිධානය තවදුරටත් රුසියාව සමඟ සෘජු යුද්ධයකට සූදානම් වන බවයි.
​නේටෝ රටවල් එකතු වී යුක්‍රේනය වෙනුවෙන් මේ වසරේදී පමණක් යුරෝ බිලියන 70 ක (ඩොලර් බිලියන 82 ක) දැවැන්ත මිලිටරි ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, 2027 වසරේදීත් එම මට්ටමෙන්ම ආධාර දීමට පොරොන්දු වී තිබෙනවා. රුසියාව පවසන්නේ තමන්ගේම රටවල් ඇතුළත ආර්ථික ප්‍රශ්න තිබියදී, බටහිර රටවල් මෙලෙස බිලියන ගණනින් මුදල් වියදම් කරමින් රුසියාව සමඟ ලෝක විනාශකාරී මහා යුද්ධයකට පාර කපමින් සිටින බවයි.”

“ඊයේ සහ අද සිදු වූ සිදුවීම් දෙස බැලීමේදී පැහැදිලි වන්නේ යුක්‍රේනය දැන් රුසියාවේ අභ්‍යන්තර ආර්ථිකය අඩපණ කිරීමේ සාර්ථක උපක්‍රමයක නිරත වන බවයි. අනෙක් අතට ඇමරිකාව විසින් පේට්‍රියට් මිසයිල තාක්ෂණය යුක්‍රේනයට සෘජුවම ලබා දීම හරහා ඉදිරියේදී රුසියාවට ගුවන් බලය පවත්වා ගැනීම තවත් අපහසු වනු ඇතැයි ආරක්ෂක අංශ පවසනවා. නමුත් මේ සෑම තීරණයක්ම සමස්ත ලෝකයම මහා ගෝලීය යුද්ධයකට ඇද දැමීමේ අවදානම දිනෙන් දින ඉහළ නංවනවා.

දුමින්ද සැකකරුවෙකු ලෙස නම් කරයි…

0

හිටපු ඇමති දුමින්ද දිසානායක රන් ආලේපිත T56 ගිනි අවිය සම්බන්ධ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කිරීමට ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් රවී මතුගම අද (10) නියෝග කර තිබේ.

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීර්ණයේදී මෙම ගිනිඅවිය සමග මීට පෙර වයෝවෘද කන්තාවක අත්අඩංගුට ගෙන තිබිණි. මෙම වයෝ වෘද්ධ කාන්තාවගේ බෑගයක තිබී මෙම රන් ආලේපිත ගිනි අවිය ආරක්ෂක නිලධාරීනට හමු වී තිබිණි. එහිදි ලද සාක්ෂි මත හිටපු ඇමති දුමින්ද සිල්වාද අත් අඩංගුවට ගත් අතර ඒ සම්බන්ධයෙන් පැවැති මූලික නඩු විභාගයෙන් දුමින්ද සිල්වා මුදා හරිනු ලැබී.

කෙසේ වෙතත් වැඩිදුරටත් සිදු කළ විමර්ශණයේදී මෙම ගිණි අවිය සමග හිටපු ඇමති දුමින්ද දිසානායකට සම්බන්ධයක් ඇතැයි අනාවරණය වී ඇතැයි පැවසේ.

එම නිසා එම නඩුවේ සිවුවන සැකකරු වන හිටපු ඇමති දුමින්ද දිසානායක සැකකරුවකු වශයෙන් නම් කිරීමෙන් අනතුරුව ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

සිරස අජිත් පී පෙරේරාා සමග මාධ්‍යකරණය නොව හාම්පුතාගේ දේශපාලනය කරයි..

0

මාධ්‍ය භාවිතයේදී අවම සදාචාරය හෝ භාවිතා නොකරමින් අශිෂ්ඨ මාධ්‍ය භාවිතාවක් සිරස මාධ්‍ය ආයතනය සිදු කරන ආකාරය මෙම පුවත සමග පළවන youtube video ව නැරඹීමින් ඔබට දැක බලා ගත හැක…

ඉතිහාසයේ මෙවැනිම සිදුවීම්වලදී දේශපාලන මැදිහත්වීම් සම්බන්ධව මාධ්‍යවේදියා නගන දේශපාලන තර්කයේ කිසිදු වරදක් නැත.. ඉන්ෆෝ ලංකා අප මාධ්‍ය ආයතනයද එකී අදහස සමග එකඟය.. එහෙත් අජිත් සී පෙරේරා පවසන පරිදිම ජාතික ජන බලවේගයේ මෙකී ආණ්ඩුව ජනතාව නිර්මාණය කරන්නේ එකී දේශපාලන උපසංස්කෘතිය අවසන් කිරීමටය….

සහ ලංකාවේ මාධ්‍යවේදීන් යනු තම හාම්පුතාගේ දේශපාලන අදහස වෙනුවෙන් කඩේ යන උන්දැලා පිරිසක් මිසක් ජනමාධ්‍යවේදය යනු කුමක්දැයි අංශුමාත්‍රයක දැනීමක් නැති අයය..

මුලින්ම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට ජනමාධ්‍යවේදී යනු කුමක්දැයි උගන්වා පසුව මාධ්‍ය අයදුම්පත ලබා දෙන ලෙස ආණ්ඩුව නීති සකස් කල යුතුමය….

📔 දේශපාලන පක්ෂයක් පවත්වන මාධ්‍ය සාකච්ඡාවකට ආවරණය කිරීමට පැමිණ එම කාර්යය ඉටු කරනවා හැර , දේශපාලන වැඩසටහනක අදාළ පක්ෂයේ වෙනත් පක්ෂයක සාමාජිකයෙක් සංවාද කරගන්නවා මෙන් එකී මාති සාකච්ඡාව පවත්වන මාතෘකාවට අදාළ නොවන මාතෘකා සම්බන්ධ කර ගනිමින් සංවාද පැවැත්වීමට මාධ්‍යවේදියෙකුට කිසිදු අයිතියක් නැත.. ඔහු වාර්තාකරණය කරන්නෙක් මිස.. හාම්පුතාගේ දේශපාලන පාර්ශවයේ දේශපාලන නියෝජිතයෙක් නොවෙයි…..

මෙකී මාධ්‍යවේදියා ඇතුළු ලංකාවේ සියලු මාධ්‍යවල මාධ්‍යවේදීන්ට ඉන්ෆෝ ශ්‍රී ලංකා මධ්‍යාය ආයතණන ලෙස අප යෝජනා කරන්නේ….

දේශපාලනය කිරීම සහ මාධ්‍යකරණය යනු විෂයයන් දෙකක් බව අවධාරණය කරගන්නා ලෙසයි….

සහ ප්‍රහාරය අශිෂ්ඨ නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ඨත්වයද නොසොයන ලෙසයි…

ජවිපෙ මුල්ම ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ ගේ විමුක්ති ගී කෘතිය ඕස්ට්‍රේලියාවේදී එළිදැක්වීම..

0

1989 ජනතා විමුක්ති පෙරමුණේ මුල්ම ප්‍රධාන ලේකම්, දේශපාලන අරගලය මොහොතේ.. ජාතික ගැටළුව කියන දේශපාලන න්‍යායික සංවාදය නිසා.. (ලයනල් බෝපගේ දේශපාලන සංවාදයේදී ස්වයං නිර්ණයට පක්ෂ දේශපාලන ක්‍රියාකාරිකයෙක්.. )කාරණාව නිසා.. එයට සහභාගී නොවී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වෙනව…

ලයනල් බෝපගේ විසින් රචිත විමුක්ති ගී කෘතිය ජූලි 4 වන දා ඔස්ට්‍රේලියාවේදී එලිදැක්වූ අවස්ථාවෙ.. එකී ඔහුගේ ඉතිහාසය මොහොත සිහි කරමින් ඔහු පැමිණ සිටි පිරිස අමතා කල කතාව පහලින්.. එළි දැක්වූ අවස්තාවේ මා කළ

පිළිගැනීමේ කතාව ඔබේ දැන ගැනීම සදහා මෙහි පළ කරමි.

සුබ සැන්දෑවක් වේවා, ඔබ සියලු දෙනාටම,

අද අපි රැස්ව සිටින මෙම භූමියේ සාම්ප්‍රදායික අයිතිකරුවන් සහ භාරකරුවන් වන වුරුන්ජෙරි සහ බුනරොන්ග් ජනයාට මගේ ප්‍රණාමය පුද කරනවා. එසේම මෙම ප්‍රදේශයේ අතීතයේ සිටි, වර්තමානයේ සිටින සහ අනාගතයේ එන ආදිවාසී වැඩිහිටියන් සියලු දෙනාටම මගේ ගෞරවය පිරිනමනවා.

අද වැනි ඉතාමත් ශීතල, වැසි සහිත දිනයක පවා, මගේ පෞද්ගලික ආරාධනාව පිළිගත්, ඒ වගේම මා සමඟ දේශපාලනිකව හා සාහිත්‍යමය වශයෙන් ලැදි කමක් දක්වන ඔබ සැම දෙනාම මෙම ස්ථානයට පැමිණීම, මාර්ගගතව හෝ මෙයට සම්බන්ධ වීම මට සහ චිත්‍රාට කරන ගෞරවයක් ලෙස සලකනවා.

දේශගුණික බාධාවන් පසෙකට ලා ඔබ මෙහි පැමිණීමෙන් පෙනී යන්නේ ‘විමුක්ති ගී – Songs of Liberation’ කෘතිය වෙනුවෙන් සහ එහි එන අදහස් ගැන ඔබ තුළ තිබෙන ලෙන්ගතුකම යි. ඒ ගැන මා මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා.

‘විමුක්ති ගී’ කියන්නෙ හුදු ගීත එකතුවක් පමණක් ම නොවෙයි. එය අප ජීවත් වන සමාජය, එහි ඇති අසමානතාවය සහ මිනිසාගේ නිදහස සහ ගරුත්වයෙන් යුතුව ගත කළ හැකි ජීවිතයක් උදෙසා කෙරුණු සහ කෙරෙන දේශපාලනික ආමන්ත්‍රණයක්.

මෙම උත්සවය සාර්ථක කර ගැනීමේ දී එයට නන් අයුරින් සහාය වුණු සියලු දෙනාටම පසු අවස්ථාවක දී ස්තුති කිරීමට අවස්ථාවක් ලැබෙන නිසා මම මේ අවස්ථාවේ දී ඒ ගැන සඳහන් කරන්නට අදහස් කරන්නේ නැහැ.

මෙහි දී එක් වැදගත් කරුණක් මතක් කර දිය යුතුයි. මෙතැනට සහභාගි වෙන අප අතරේ විවිධ දේශපාලන අදහස් හා මතිමතාන්තර දරන අය සිටිනවා. අද අපේ මේ සාකච්ඡාව ලංකාවේ දැනට පවතින ජාතික ජන බලවේග ආණ්ඩුව ගැන හෝ එහි කටයුතු ගැන හෝ කරන සාකච්ඡාවක් නොවෙයි.

දේශපාලන හා වෙනත් වෙනස්කම් හේතුවෙන් ඇතැම් අය අද මෙම අවස්ථාවට සහභාගි නොවන බව දැන ගන්නට ලැබුණා. එය මිනිසත් බවේ පිරිහී යෑමක් ලෙස සලකනවා හැරෙන්නට, මෙවැනි තත්වයක් දේශපාලන වශයෙන් තේරුම් ගැනීමට නොහැකියි. ඔවුන්ගේ නොපැමිණීම ගැන කණගාටුව වෙනවා.

එබැවින්, මේ දොරට වැඩීමේ උත්සවය ‘විමුක්ති ගී’ කෘතිය, එහි ඉතිහාසය සහ එකල පැවති දේශපාලන වාතාවරණය වැනි කරුණුවලට පමණක් සීමා කරන්නට තරම් අපි ඉවසිලිවන්ත වෙමු.

මේ කෘතියට තොරතුරු එක්රැස් කිරීමේ දී සිදු වූ අමතක වීම්, අතපසු වීම් සහ තොරතුරු නොලැබීම් හේතුවෙන් ඇතැම් අයගේ දායකත්වයන් මෙම කෘතියේ සඳහන් නොවිය හැකියි. උදාහරණ ලෙස, දුෂ්කර ම මුල් කාලයේ ප්‍රසංගයේ ප්‍රවාහණ සහ කැමරා කටයුතු වලදී සහාය වූ යූ ආර් පෙරේරා සහ වර්ණකුලසූරිය වැනි සොයුරන්, එමෙන්ම පෙර පැවති තාඩන පීඩන සහ භීෂණකාරී තත්වයන් හේතුවෙන් ගී පද රචනා නිර්නාමික ව යොදා ගැනීමට අපට ලබා දුන් සොයුරු සොයුරියන් පිළිබඳව සඳහන් කිරීමේ දී අඩුපාඩු සිදු වී තිබෙනවා. ඒ ගැන මා ඒ සොයුරු සොයුරියන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඒ තොරතුරු ලැබෙන්නට සැලැස්වුවොත් ඉදිරි මුද්‍රණයේ දී ඒ කරුණු ඇතුලත් කරන්නට කටයුතු කරනු ඇති.

අද දවසේ මේ වැඩසටහන මෙහෙයවීම සඳහා අප සමඟ එකතු වන ආදරණීය සහෝදරයෙක් හඳුන්වා දීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔහු හඳුන්වා දීමට අවශ්‍ය නොවන තරම්. ලංකා ලොතරැයි මණ්ඩලය ඇතුළු බොහෝ ප්‍රධාන රාජ්‍ය උත්සවවල නිල පූරකවරයා ලෙස හැත්තෑව දශකයේ පමණ පටන් අප ඔහුව දැන සිටියා.

ඒ අන් කවරකුත් නොවෙයි, ‘විමුක්ති ගී’ ප්‍රසංගයේ ආරම්භයේ සිටම පාහේ එහි පූරකයා ලෙස කටයුතු කළ බුද්ධදාස විතානාරච්චි සොයුරායි. අදත් ඔහු මෙම උත්සවය මෙහෙයවන්නට අප සමග එකතු වීම අපට මහත් ආඩම්බරයක්.

අප කවුරුත් දන්නා පරිදි ඔහු සිනමාවේ සහ වේදිකාවේ ප්‍රවීණ කලාකරුවෙක්; අති ප්‍රසිද්ධ නළුවෙක්. ජාතික රූපවාහිනියේ ප්‍රධාන නිවේදකයෙක් වගේම ක්‍රියාකාරිකයෙක්. දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි ටෙලිනාට්‍ය සහ මහසුපින වැනි බොහෝ වේදිකා නාට්‍යය හරහා ඔහු කලා රසිකයන් අතර අතිශය ප්‍රසාදයට ලක් වුණා.

මටත්, චිත්‍රා සොයුරියටත්, බුද්ධි සහෝදරයා කියන්නේ ඊටත් වඩා එහා ගිය සමීපතමයෙක්. අපේ විවාහයෙන් පසුව මුලින්ම අපව නතර කර ගන්නට සිය නිවෙසේ ඉඩකඩ ලබා දුන්නේ බුද්ධි සහෝදරයා සහ හේමමාලා සහෝදරිය; ඔවුන්ගේ තලවතුගොඩ නිවසේ, ඔවුන්ගේ දරු දැරියන් තිදෙනාත් සමඟ. ඒ නිසා අපේ පවුල් අතරේ දේශපාලනිකව පමණක් නොවෙයි, පුද්ගලිකවත් ඉතාමත් දැඩි බැඳීමක් පවතිනවා.

‘විමුක්ති ගී’ පමණක් නොවෙයි, ‘සමාජවාදී කලා සංගමය’ ලෙස අප වේදිකාවට ගෙන එන්නට උත්සාහ කළ, එහෙත් එකල රජයෙන් තහනම් කළ, ප්‍රේමවතී මනම්පේරි සහෝදරියගේ ජීවිත කතාව පිළිබඳ වේදිකා නාට්‍යය, ‘මිලාන වූ මලක් නොවේ’ නමැති නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑවේ බුද්ධි සහෝදරයා සහ හේමමාලා විතානාරච්චි සහෝදරියයි.

තවත් සුවිශේෂී කරුණක් සඳහන් කළ යුතුයි. බුද්ධි සහෝදරයාගේ උපන් දිනය යෙදී තිබුණේ ගිය සතියේ 30 වන දා. ඒ අනුව, අපි සියලු දෙනාම එකතු වී ඔහුට සුබ උපන් දිනයක් සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු!

මෙතැන් පටන් මෙම දොරට වැඩීමේ උත්සවයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා මම ඉතාමත් ගෞරවයෙන් සහ ලෙන්ගතුකමින් ආරාධනා කරනවා, බුද්ධදාස විතානාරච්චි සොයුරාට.

ඔබ සැමට ස්තුතියි!

—————-

ඊයේ (ජූලි 4) පැවති විමුක්ති ගී කෘතිය එළි දැක්වීම මෙම සබැඳියෙන් නැරඹිය හැකිය:

https://www.facebook.com/share/p/1ZNdNbUYeb/

See less

හිස්බුලාලගෙන් බේරෙන්න ලෙබනනයෙ ක්‍රිස්තියාණි ගම් ඊශ්‍රායලයට දෙන්න.. නෙදන්යාහු ඉල්ලයි..

0

හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීම සඳහා දකුණු ලෙබනනයේ ඇතැම් ක්‍රිස්තියානි ගම්මාන ඊශ්‍රායලයට ඈඳා ගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර තිබේ. ‘ෆොක්ස් නිව්ස්’ (Fox News) නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළද, එම ගම්මාන මොනවාදැයි නම් කිරීමට හෝ ඒ සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කර නැත. කෙසේ වෙතත්, රමේෂ් (Rmeish) හි නගරාධිපති හැනා අල්-අමිල් (Hanna al-Amil) මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් එය කිසිසේත්ම සිදුවිය නොහැක්කක් බව පවසා ඇති අතර, තවත් ක්‍රිස්තියානි නගර 15ක් ලෙබනනය කෙරෙහි තම පක්ෂපාතීත්වය යළිත් තහවුරු කර ඇත.

මේ අතර, ගැටුම් අවසන් කිරීම අරමුණු කරගනිමින් ඇමරිකාවේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණද, හිස්බුල්ලා සංවිධානයට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය තාක් කල් තම හමුදා දකුණු ලෙබනනයේ රැඳී සිටින බව ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය මධ්‍යයේ මෙම ප්‍රකාශය නිකුත් වී ඇති අතර, දකුණු ලෙබනන කලාපය තවමත් දේශසීමා හරහා සිදුවන ප්‍රහාර, ගුවන් ප්‍රහාර සහ හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් පීඩාවට පත්වෙමින් පවතී.

බන්ධාගාරය තුල වූ අපරාධකාරී විනාශය ගැන, හදිසි විවාදයක් දෙන්න.. (වීඩියෝ..)

0

මීගමුව බන්ධනාගාරය තුල සිදු වු
නොසන්සුන්තාව සහ ගැටුම් හෙතුවෙන් මතුව ඇති තත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ලිඛිත ඉල්ලිමක් අද (07) සිදු කරන ලදී.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 19/1 යටතේ හදිසි කල්තැබීමේ විවාදයක් සඳහා වූ ප්‍රතිපාදන යටතේ මෙම ඉල්ලිම සිදු කරනු ලැබීය…

බන්ධනාගාරය තුල සිදුවී තිබෙන බරපතලමය අපරාධමය විනාශකාරී, තත්ත්වයට සහ මේ යන විටත් මේ යමින් සිටින නිලධාරීන් සහ රදවියන්ගේ ජීවිතවලට ආණ්ඩුවක් කිව යුතු බව මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායකවරයාට දැනුම් දී ඇත..

ලක්ෂ 50ක් විනාශ කල මාපලගමගේ සංචාරක ගම ගැන පරීක්ෂණයක් කරන්න..

0

රුපියල් ලක්ෂ 50ක ජනතා මුදල් වතුරේ යවා ඇති බවත් අත්තනගල්ලේ ‘අලවල සංචාරක පුරවර’ ව්‍යාපෘතිය අතරමග නතර වී…, අතිවිශාල මුදල් කාබාසිනියක් සිදු වීඇති බවත්…
හිටපු පළාත් සභා මන්ත්‍රී.. සමගි ජන බලවේග අත්තනගල්ල ආසණ සංවිධායක චන්ද්‍රසෝම සරණලාල්… පවසයි..

ඔහු ප්‍රකාශ කරන්නේ වත්මන් ජනාධිපතිවරයාගෙන් මේ සඳහා සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි…

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලවල ග්‍රාමයේ ආරම්භ කරන ලද “සංචාරක පුරවර” ව්‍යාපෘතිය මේ වන විට සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇති බවට චෝදනා එල්ල වෙයි. රුපියල් ලක්ෂ 50කට ආසන්න මහජන මුදල් කන්දරාවක් වැය කර ඇති මෙම ව්‍යාපෘතිය, කිසිදු ප්‍රමිතියකින් තොරව සහ ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගැනීමෙන් තොරව දේශපාලනඥයින්ගේ හිතුමතයට සිදුකරන ලද්දක් බව එම භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි…

ව්‍යාපෘතියේ වර්තමාන ඛේදනීය තත්ත්වය
ඔහු පෙන්වා දෙන ආකාරයට, මෙම භූමියේ විශාල මුදලක් වැයකර ඉදිකර ඇති පියගැටපෙළ සහිත ප්‍රේක්ෂකාගාරය මේ වන විට සම්පූර්ණයෙන්ම පාළුවට ගොස් ඇත. දේශීය නර්තනාංග පැවැත්වීම සඳහා මෙය ඉදි කළද, මේ දක්වා කිසිදු දේශීය හෝ විදේශීය සංචාරකයෙකු මෙම ස්ථානයට පැමිණ නැත. මීට අමතරව ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඔහු මෙසේ කරුණු දැක්වීය:

ඉදිකරමින් පැවති කබානා (Cabanas) හතරක කණු පමණක් ඉතිරිව ඇත.

ඉදිකර ඇති වැසිකිළියේ කොමඩ් එකක් හෝ නොමැති අතර, එහි ඇත්තේ වතුර බාල්දියක් සහ ෂවර් එකක් පමණි.

කාර්යාලය ලෙස ගෙන ආ කන්ටේනර් කුටියද කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වසා දමා තිබේ…

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ප්‍රදේශවාසීන් දැනුවත් කර නොමැති අතර, කිසිදු ශක්‍යතා වාර්තාවක් (Feasibility Report) සකස් කර නොමැති බවද ඔහු චෝදනා කරයි. මෙය හුදෙක් ප්‍රාදේශීය සභාවේ සහ අදාළ දේශපාලන අධිකාරියේ වුවමනාවට පමණක් සිදු කළ අසාර්ථක ව්‍යාපෘතියක් බව ඔහු පවසයි. වෙන් කළ රුපියල් ලක්ෂ 50ක මුදලින් ලක්ෂ 10ක පමණ වත් වැඩක් භූමිය තුළ සිදුවී නොමැති බව පවසන ඔහු, මෙහි විශාල මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට සැක පළ කරයි.

“බොහෝ දුරට මේ රජය ආවේ මේ දූෂණය, වංචාව නැති කරන්න. ඒ නිසා මම දකින ආකාරයට මේ වර්තමාන රජය තුළත් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ දූෂණයක් හා වංචාවක්. ඒ නිසා මම බලධාරීන්ගේ අවධානය යොමු කරලා, විශේෂයෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ අවධානය යොමු කර මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා ඉල්ලා සිටිනවා.”

අලවල යනු ඓතිහාසික ලෙන් විහාරයක් සහ ‘දෙවියන් පැන්න ඇල්ල’ වැනි ස්වභාවික සම්පත් ඇති ගම්මානයකි. එහි බහුතරයක් ජනතාව බට කර්මාන්තය වැනි දුෂ්කර රැකියාවල නිරත වෙමින් එදිනෙදා ජීවිකාව ගැටගසා ගන්නා බව ඔහු පෙන්වා දෙයි. මෙම ලක්ෂ ගණනක ජනතා මුදල් කැලයට විසි නොකර, එම කර්මාන්ත නගා සිටුවීමට යෙදවූවා නම් මීට වඩා බොහෝ ඵලදායී වනු ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය….