Home Blog Page 2

Mr. කොත්තු පරිශ්‍රයේ ඩෙංගු තවානක්..

0

මිස්ටර් කොත්තු නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන විරාජ් වික්‍රමනායකට අයත් කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ 581C රත්මල්දෙණිය වසමේ පිහිටි පරිශ්‍රයේ තිබී ඉතා විශාල ලෙස ඩෙංගු ව්‍යාප්ත වෙන ස්ථානයක් හමුවී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ප්‍රජා සංවිධාන නියෝජිතයින් සහ කැස්බෑව නගර සභාවේ නිලධාරින් ඒකාබද්ධව අද (04) දින එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක් සිදු කර ඇත.

ඒ, තම නිවාස අවට පරිසරයේ ඩෙංගු බෝ වීමට සහාය වන ජලය රැඳෙන සහ අපිරිසිදු ස්ථාන පිරිසිදු කර තබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඩෙංගු අධි අවධානම් තත්වයක් පැමිණෙමින් තිබෙන බවටත් අද දින නිවාස නිරීක්ෂණය කිරීමට පැමිණෙන බවත් පසුගිය 02 වනදා ජනතාව දැනුවත් කිරීමද සිදු කර ඇති පසුබිමකය.

කලින් දැනුවත් කර තිබියදීත් මොහු ඩෙංගු අවධානම පිළිබඳව කිසිඳු තැකීමක් සිදු කර නැති බවත් ඔහු ඉතා නොසැලකිල්ලෙන් කටයුතු කිරීම නිසා ඔහුගේ පරිශ්‍රයේ මහා පරිමාණයෙන් ඩෙංගු ව්‍යාප්ත වී ඇති බවත් වාර්තා වේ.

ඔහුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බවත් ජුලි 09 වනදා ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් අදාළ නිලධාරීන් ඔහු දැනුවත් කර ඇත.

අද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රත්මල්දෙණිය ග්‍රාම නිලධාරි, රත්මල්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක, රත්මල්දෙණිය මහජන ආරක්ෂක කමිටුව නියෝජනය කරමින් ප්‍රජා පොලිස් පරීක්ෂක, ප්‍රජා ශක්ති සංවර්ධන සභාවේ සභාපති, රත්මල්දෙණිය ප්‍රජා ශක්ති සංවර්ධන සභාවේ සහ ග්‍රාමසංවර්ධන සමිතියේ, ජ්‍යෙෂ්ට පුරවැසි සංවිධානයේ, රත්මල්දෙණිය සමෘද්ධි සමිතියේ, මිණි මුතු කාන්තා සමිතියේ, සණස සමිතියේ සහ මහජන ආරක්ෂක කමිටුවේ සාමාජිකයින්, රත්මල්දෙණිය සංවර්ධන නිලධාරි ඇතුළු 25ක පමණ කණ්ඩායමක් එක්වී සිට ඇත.

ශිෂ්‍ය කණ්ඩායම් විසිර ගිය සබර වෛද්‍ය පීඨය..

0

අද සබරගමුව වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයක හා ශ්‍රවණාගාරයක පීත්ත පටිය කපන්නට නියමිතය.

විශ්වවිද්‍යාල ස්ථානයන කිරීමේ දී අවශ්‍යතාවයට වඩා දේශපාලනයට ප්‍රමුඛත්වය ලැබුනු බව මම අවබෝධ කර ගත්තේ ඌව විශ්වවිද්‍යාලය වෙනුවට රෝනී ද මෙල් මුදල් ඇමති ලෙස දකුණු විශ්වවිද්‍යාලයට මුදල් වෙන් කළ යුගයේ ඇතිවී කතා බහ නිසාය.

සබරගමුව විශ්වවිද්‍යාලයට සුනිල් ශාන්ත නමින් අපූරු උපකුලපතිවරයෙකු සිටියේය. ඔහු දේශපාලනික සබඳතා සහ හැකියාව හා උනන්දුව තිබූනේය. 2017 වැඩ බාරගෙන ටික කලකින් ඔහු සබරගමුවට වෛද්‍ය පීඨයක් ලබාගන්නට වැඩ කටයුතු ආරම්භ කළේය. 2018 අය වැය යෝජනාවලින් වැඩිම පංගුව ලැබිය යුත්තේ ඌව වෛද්‍ය පීඨයට ද, සබරගමුව වෛද්‍ය පීඨයට ද යන්න ගැන ලොකු ගැටුමක් නිර්මාණය විය. සබරගමුව නොව සුනිල් ශාන්ත උපකුලපතිතුමා ලොකුම කුට්ටිය රත්නපුරේ වෛද්‍ය පීඨයට ගෙනාවේය.
2019.01.17 දින සබරගමුව වෛද්‍ය පීඨය විවෘත කරන දිනයට සහභාගි වන්නට මටත් ඇරයුම්පතක් ලැබුණි. උපකුලපති සුනිල් ශාන්ත මහතා කාලයෙන් කාලයට වෛද්‍ය පීඨය ගැන බොහෝ දේ කියා ඇත. ඒ තමන්ගේම දරුවෙකු උස්මහත්වී වැඩෙන ආකාරයක දකින පියෙකු ගේ සෙනෙහස සතුට පෙරදැරිවය. 2019 දී සෞදි රජය වෛද්‍ය පීඨයට මුදල් ලබාදීමට එකඟත්වය පළ කරනු ලැබීය.

2022 දී බංකොලොත් රටක විශ්වවිද්‍යාල ඉදිකිරීම් සඳහා අති විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවූ බැවින් ඉදිකිරීමේ අවසන් කරන්නට හැකිවී ඇත. 2022 – 2024 යුගයේ ජනාධිපති කාර්යාලයට වැඩිපුරව වද දුන් පුද්ගලයා ලෙස මහාචාර්ය සුනිල් ශාන්ත ඉතිහාසගත වන්නේ තමන් වෙනුවෙන් නොව ආයතනය වෙනුවෙනි.

මේ වන විට වෙද්‍ය පිඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අවසන් විභාගය ලියා ඇති අතර මේ වන විට තෙවන කණ්ඩායම ද විභාගයට සුදානම් ය.

2024 දී බලයට පත් ආණ්ඩුව ප්‍රමුඛත්වය දුන්නේ උපකුලපති සුනිල් ශාන්ත ධූරයෙන් ඉවත් කිරීමටය. ඔවුන් එය සාර්ථකව අවසන් කර ඇත. වෛද්‍ය පීඨයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීම, වෛද්‍ය පීඨය විවෘත කිරීම ලෙස දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ගෙන යමින් ඇත. අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලබාදීම ගැන වද විය යුතු නැත.

සබරගමුව විශ්වවිද්‍යාලය පිහිටුවා අද තිබෙන තත්වයට ගෙන ඒමට මැදිහත්වූ දේශපාලනඥයින් කිසිවෙකුත් අද පීත්ත පටි කපන්නට ආරාධනා ලැබ නැත. අවම වශයෙන් දැන් දශක තුනකට වැඩි කාලයක් වද වුණු හාමුදුරුවන් වහන්සේටවත් ආරාධනයක් ලැබී නැත. සබරගමුව වෛද්‍ය පීඨයේ ඉතිහාස කතාව මකා දමන්නට අපහසු කතාවකි.

පකිස්තානය බෑ කියද්දි ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලෝකයම හොල්ලපු වීර ක්‍රියාවක්!

0

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක රාජකාරිවල නිරත වෙලා හිටපු සැම්බියානු සෙබළුන් පිරිසකට සන්|නද්ධ කණ්ඩායමක් විසින් ද|රුණු ප්‍ර|හාරයක් එ|ල්ල කරලා තිබුණා.තත්ත්වය කොච්චර ද|රුණු වුණාද කියනවා නම්, අයහපත් කාලගුණය සහ ස|තුරු ප්‍ර|හාර මැද තුවාල ලැබූවන් බේරාගන්න පැමිණි පාකිස්ථාන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය පවා මේ මෙහෙයුම මඟහැරලා තිබුණා.හැබැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අණදෙන නිලධාරියා මේ අභියෝගය පැවරුවේ අපේ ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියටයි.

ඒ අනුව ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ සහ සහය නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දිල්හාෂ් අතපත්තු ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් වීරෝදාර කණ්ඩායමක් UNO 325P දරන Mi-17 හෙලිකොප්ටර් යානයෙන් මෙහෙයුමට පිටත් වුනා. පැය 2යි විනාඩි 10ක අඛණ්ඩ පියාසර කිරීමකින් පසු, ස|තුරන් කොහෙන්

තියෙනවද කියලා දන්නේ නැති අතිශය භයානක ස|ටන් කලාපයකට ළඟා වුනු අතර ජීවිත අවදානම නොතකා, හෙලිකොප්ටරයේ එන්ජිම පණගන්වා තිබියදීම (With engines running) ඉතා කෙටි වෙලාවකින් සාමසාධක භටයින් ඇතුළු 14 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට අපේ විරුවෝ සමත් වුණා!

අයහපත් කාලගුණයටවත්, සතුරු ප්‍රහාරවලටවත් සැලුනේ නැති අපේ කොල්ලන්ගේ මේ අසමසම වෘත්තීය නිපුනත්වය සහ නිර්භීතකම නිසා මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) ඉහළම ප්‍රශංසාව ශ්‍රී ලංකාවට හිමිවෙලා තියෙනවා.

හරක්කටාගේ බිරිඳගෙන් අල්ලස් ලබා ගැනීම: විජේදාසගේ නිවසේදීත් ගනුදෙනුවක් කරලා

0

රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නදුන් චින්තක නොහොත් `හරක්කටා’ වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා රුපියල් කෝටි 50ක් අල්ලස් ඉල්ලා රුපියල් කෝටි 20කට අඩු කර ඉන් රුපියල් කෝටි 12ක අත්තාකරම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ලසන්ත මංජුල සිල්වා නැමති පුද්ගලයාට නැවත රුපියල් ලක්ෂ 200ක මුදල ලබා දී ඇත්තේ නුගේගොඩ, නාවල පාර, විජයබා මාවත නැමති ස්ථානයේදි බවත් එම නිවස අයිති විජේදාස රාජපක්ෂට බවත් විමර්ශකයින් අනාවරණය කරගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධපෙරුම අනාවරණය කර තිබේ.

මෙම අල්ලස් මුදල ලබා ගැනීම සදහා හිටපු අධිකරණ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුෂහැන්නදිගේ යන තිදෙනා ඩුබායිවෙත ගිය අවස්ථාවේදි හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂද ඩුබායිවල රැඳී සිට ඇති බවද විමර්ශනවලින් අනාවරණය වු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂ අධිකරණය හමුවේ අනාවරණය කර ඇත.

ඒ අනුව හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මෙම සිද්ධියට අදාලව කටයුතු කර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඇය අධිකරණයේදී අනාවරණය කර තිබේ.

විජේදාස රාජපක්ෂ 23/03/21 සිට 23/03/28 දක්වා ඩුබායි රටේ රැඳි සිට තිබෙන බව ආගමන විගමන තොරතුරුවලින්ද තහවුරු වී ඇත බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධපෙරුම වැඩිදුරටත් අනාවරණය කර ඇත.

ඇමෙරිකාවේ මුදල් ආධාර නැවත එපා.. ඊශ්‍රායල් ජනාධිපති නිල ලෙස කියයි

0

ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙතෙක් කල් ලබාගත් මූල්‍ය ආධාර ලබාගැනීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා නිවේදනය කරයි. තම රටේ ආර්ථිකය මේ වන විට ස්වාධීනව නැගී සිටීමට තරම් ප්‍රබල මට්ටමක පවතින බැවින් මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය.

ඇමරිකාවෙන් ලැබෙන මෙම මූල්‍ය ආධාර ‘සුභසාධන දීමනාවක්’ (Welfare) වැනි යැයි පවසමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ, තමන්ට තවදුරටත් එවැනි ආධාර අවශ්‍ය නොවන බවයි. “අපගේ ආර්ථිකය දැන් කුඩා ආර්ථිකයක් නෙවෙයි. ඇමරිකාවෙන් අපට ලැබෙන්නේ අපේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) ඉතා සුළු ප්‍රතිශතයක් පමණයි. එය නොමැතිව වුවද අපේ රටේ මූල්‍ය කටයුතු පවත්වාගෙන යාමට අපට හැකියාව තිබෙනවා. එම නිසා මෙම ආධාර නතර කිරීමේ ක්‍රියාවලිය මෙම වසරේ සිටම ආරම්භ කිරීමට මට අවශ්‍යයි,” යැයිද නෙතන්යාහු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

රටේ දේශපාලන සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ස්ථිරවම කියා සිටියේ, ඊශ්‍රායලය විසින් කිසිදු ලෙසකින් පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට ඉඩ නොදෙන බවයි. ඒ වෙනුවට කලාපය තුළ අතිශය සක්‍රීය ආරක්ෂක ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමට ඊශ්‍රායලය කටයුතු කරනු ඇත.

පවත්නා කලාපීය නොසන්සුන්තාව සම්බන්ධයෙන් අසල්වැසි රටවලට දැඩි අනතුරු ඇඟවීම් සිදුකළ අග්‍රාමාත්‍යවරයා, අවශ්‍ය වුවහොත් ඉරානයට එරෙහිව තෙවන වරටත් ප්‍රහාර (Third Strikes) එල්ල කිරීමට ඊශ්‍රායලය පසුබට නොවන බව ප්‍රකාශ කළේය. එමෙන්ම, ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයෙන් එල්ල වන තර්ජන සම්පූර්ණයෙන්ම තුරන් වන තෙක් ඊශ්‍රායල සන්නද්ධ බලකායන් ලෙබනන දේශසීමාවල දිගටම රැඳී සිටින බවද ඔහු අවධාරණය කර සිටියි.

ඇමරිකා එක්සත් ජනපද 250 වැනි නිදහස් දිනය සමඟ සජිත්..

0

ඇමරිකානු නිදහසේ 250 වැනි සංවත්සරය කිරීම වෙනුවෙන් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි විය..

එකී , ඇමෙරිකන් නිදහස් සංවත්සරය ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.., පුද්ගල නිදහස සහ සතුට ලඟා කර ගැනීම යන මූලධර්ම මත ගොඩනැගුණු ඇමරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය, සියවස් දෙකහමාරක් තිස්සේ ලොව පුරා සිටින ජාතීන්ට ප්‍රදීපාගාරයක් බඳු බවත් මෙම ඓතිහාසික සන්ධිස්ථානය සමරන මේ මොහොතේ, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මම ගෞරවයෙන් සිහිපත් කරන බවත් පොදු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ අපගේ හවුල්කාරිත්වය, අපගේ ජනතාව වෙනුවෙන් අඛණ්ඩ සහයෝගීතාවය, නවෝත්පාදනය සහ ප්‍රගතිය කරා යන අනාගතය දෙස බැලීමේදී ඇමෙරිකාව අතිශය වැදගත් මිත්‍ර රටක්ව සහ ඇමරිකා සහයෝගය ශ්‍රී ලංකාවට වැදගත් බව ද ප්‍රකාශ කරන ලදී…

ඇමරිකා එක්සත් ජනපදයට 250 වැනි නිදහස් දිනයට තම ආදරය ගෞරවය සමඟ සුභපැතුම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පල කරන ලදී..

වාහන බද්දෙන් අපේ කොන්දේසි කැඩිලා.. වහා ඉවත් කරන්න..- IMF ලංකාවට දන්වයි

0

ශ්‍රී ලංකාව වාහන ආනයනයේදී පනවා ඇති සියයට 50ක අධිභාරය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් එකඟතාවන් සහ කැපවීම් උල්ලංඝනය කිරීමක් බව එම අරමුදල පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එමන් පැපජෝර්ජියෝ මහතා මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.

රජය විසින් මෑතකදී හඳුන්වා දුන් මෙම බදු සංශෝධනය මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ලබා දී ඇති පොරොන්දු කඩකිරීමක් ලෙස හඳුනාගෙන ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, මෙම අධිභාරය මාස තුනක කාලයකට පමණක් සීමා වනු ඇතැයි මූල්‍ය අරමුදල විශ්වාසය පළ කරයි. ඒ අනුව, මෙම සියයට 50ක අතිරේක බද්ද යළි ඉවත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැපජෝර්ජියෝ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ආනයන සීමා පැනවීම හෝ මෙවැනි අධික බදු අය කිරීම් දිරිමත් නොකරන බවත්, නිදහස් වෙළඳ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම රටේ ආර්ථික ස්ථාවරත්වයට වැදගත් බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

අගවිනිසුරුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්…

0

ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නිල උත්සවයකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ සහ විවිධ වෘත්තික ක්ෂේත්‍රවල විශේෂ අවධානයක් යොමු වී තිබේ.

ප්‍රාථමික අධිකරණවලට අලුතින් බඳවාගත් විනිසුරුවරුන් හමුවේ ප්‍රකාශ කර තිබුණේ අධිකරණ විනිසුරුවරුන් හට ජනතාවගෙන් බලය ඓතිහාසිකව ලැබී තිබෙන බවත් එම බලය ජනතාවගේ යහපත උදෙසා යොදාගත යුතු බවයත්. “ඔබ ඒ බලය ඔබේ නිවසෙන් රැගෙන එන්නේ නැහැ. අපි එය ලබාදෙන්නෙත් නැහැ. අධිකරණ සේවා කොමිෂන් සභාව ලබා දෙන්නෙත් නැහැ. එසේනම් ඔබට ඒ බලය ලබා දෙන්නේ කවුද? ජනතාව. කාගේ යහපත උදෙසාද? ජනතාවගේ යහපත උදෙසා.” යනුවෙන් අවධාරණය කරනු ලැබීය.

චීනයේ සංවර්ධන අත්දැකීම් ලංකාවට අධ්‍යාපනික මොහොතක්..

0

චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 105 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ කැපී පෙනෙන පරිවර්තනය සහ ගෝලීය ආර්ථික හා තාක්ෂණික බලවතකු ලෙස චීනය මතුවීමට ලබා දුන් දායකත්වය අගය කරමින් සිය සුබ පැතුම් එක් කළේය.

ආර්ථික ප්‍රතිසංස්කරණ, නවීකරණය, නවෝත්පාදන සහ සියල්ල ඇතුළත් කර ගත් වර්ධනය සඳහා CPC හි කැපවීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශංසා කළ අතර එහි සංවර්ධන ආකෘතිය චීනයට සමාජ සමානාත්මතාව සහ සාධාරණත්වය ප්‍රවර්ධනය කරන අතර මේ තුළින් සැවොම බෙදා ගත් සමෘද්ධිය අත් කර ගැනීමට හැකි වී ඇති බව ද සඳහන් කළේය. එසේම චීනයේ සංවර්ධන අත්දැකීම්වලින්, විශේෂයෙන් එහි ප්‍රතිසංස්කරණ සහ ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථිර කැපවීමෙන් රටක් ලෙස ශ්‍රී ලංකාවට ඉගෙන ගැනීමට වටිනා පාඩම් රැසක් ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.

ආසියාවේ සාමකාමී, සහජීවනයේ සහ සහයෝගීතාවයේ වැදගත්කම ද මෙහි දී අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කලාපීය සහ ගෝලීය ප්‍රගතියේ ප්‍රධාන ධාවකයන් ලෙස චීනය සහ ඉන්දියාව අතර අඛණ්ඩ ශක්තිමත් සම්බන්ධතාවක් සඳහා වන බලාපොරොත්තුව ප්‍රකාශ කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නූතන ආර්ථික ප්‍රවේශය සහ සමගි ජන බලවේගයේ මූලධර්ම අතර සමානකම් ඉස්මතු කරමින්, පක්ෂයෙන් පක්ෂයට සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමට තමා තුළ ඇති කැපවීම මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක් තහවුරු කළේය.