Sunday, May 24, 2026
Home Blog Page 3

වාහන ආනයන LC වලටත් ‘තෝරාගත් පිරිසකට’ පමණක් අවසර? මන්ත්‍රී මුජිබුර් රහ්මාන් චෝදනා කරයි

0

වාහන ආනයනය සඳහා Letters of Credit (LCs) විවෘත කිරීමට තෝරාගත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට පමණක් අවසර ලබා දී ඇති බව මන්ත්‍රී මුජිබුර් රහ්මාන් ඊයේ (21? පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ දිනකට LC 1,700කට වැඩි ප්‍රමාණයක් විවෘත කරමින් ඇති බවයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, වාහන ආනයන ක්‍රියාවලිය තුළ විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳ ගැටලු ඇති විය හැකි බවයි.

එසේම, මෙවැනි තත්ත්වයන් නිසා ආර්ථිකයේ යම් අසාධාරණ බෙදාහැරීම් සිදුවිය හැකි බවද ඔහු අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙවැනි ක්‍රමවේදයන් මගින් තෝරාගත් පිරිසකට පමණක් ආර්ථික වාසි ලැබීමක් සිදුවන බවත්, එය වෙළඳපොළ සාධාරණත්වයට හානි කරනු ඇති බවත්ය.
මෙම කරුණු සම්බන්ධයෙන් රජය පැහැදිලි කිරීමක් ලබා දිය යුතු බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

විපක්ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක්

0

විපක්ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක්
රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම සහ ඉන් ඇති වන ආර්ථික-සමාජයීය බලපෑම් පිළිබඳව විශ්ලේෂණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී හදිසි සාකච්ඡාවක් පැවැත්වේ

වසරේ මුල් මාස කිහිපයට අලි ඇතුන් 128ක් මරුට

0

ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින මානව-අලි ගැටුමෙහි බරපතලකම පසක් කරමින්, මේ වසරේ ජනවාරි 1 වන දින සිට මැයි 15 වන දින දක්වා කාලය තුළ වල් අලි ඇතුන් 128 දෙනෙකුගේ මරණ වාර්තා වී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා අනුව අලි ඇතුන් මිය යාමට හේතු වූ ප්‍රධාන කරුණු කිහිපයක් හඳුනාගෙන ඇත:

වෙඩි තැබීම්: 20 දෙනෙකු

විදුලි සැර වැදීම: 15 දෙනෙකු

හක්කපටස් ආහාරයට ගැනීම: 10 දෙනෙකු

වගා ළිංවලට වැටීම: 05 දෙනෙකු

මීට අමතරව විෂ ශරීරගත වීම්, දුම්රිය අනතුරු සහ දියේ ගිලීම් වැනි හේතුන් මත ද අලි ඇතුන් මිය ගොස් ඇත. මෙම මරණවලින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නැගෙනහිර කලාපයෙනි. මීට අමතරව පොළොන්නරුව සහ අනුරාධපුර වනජීවී කලාපවලින් ද අලි මරණ වාර්තා වී තිබේ.

මෙම අවාසනාවන්ත තත්ත්වය අතරතුර, මේ වසරේ ගත වූ කාලය තුළ පමණක් වල් අලි ප්‍රහාර හේතුවෙන් මිනිස් ජීවිත 35ක් ද අහිමි වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.

අදම IMF සමග සාකච්ඡා කරන ලෙස විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

0

ඩොලරයේ අගය ඉහළ යාම රටට අහිතකර බලපෑමක් ඇති කරන බැවින්, එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අදම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කර අනුප්‍රාප්තික ගිවිසුමක් ඇති කර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.

රට මහා ඛේදවාචකයක් කරා ගමන් කිරීම වළක්වා ගැනීම සඳහා රජය මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නිවැරදි සාකච්ඡාවක නිරත විය යුතු බවත්, සියලු පාර්ශ්ව අත්වැල් බැඳගෙන රටේ ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. තවද, පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ප්‍රේමදාස මහතා, ඩොලරයේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ලෙස අද සවස සියලු පාර්ශ්ව සමඟ සුවිශේෂී සාකච්ඡාවක් පවත්වන බවද ප්‍රකාශ කළේය.

දුරකථනයක් නැති වූ විට ඔබ කළ යුතුම දේවල් !

0

ජංගම දුරකථන අස්ථානගත වීම් සහ සොරකම් කිරීම් ඉහළ යාම හේතුවෙන්, ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය ජනතාව දැනුවත් කරයි.
දුරකථනයක් අහිමි වූ වහාම අදාළ ආයතනය අමතා සිම්පත (SIM) අක්‍රීය කිරීම, IMEI අංකය සුරක්ෂිතව තබා ගැනීම සහ ineed.police.lk වෙබ් අඩවිය හරහා පැමිණිලි ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.
පුද්ගලික දත්ත අවභාවිතය වළක්වා ගැනීමට සහ නීතිවිරෝධී ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වීමට මෙම පියවර අනුගමනය කරන්නැයි පොලිසිය ඉල්ලා සිටී. අන් අයෙකුට අයත් දේපලක් හමුවුවහොත් එය වහාම ළඟම පොලිස් ස්ථානයට භාර දීම නීතිමය වගකීමකි.

ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර

0

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහාය දැක්වීමේ අරමුණින් මාසිකව ශිෂ්‍යාධාරයක් පිරිනැමීම කෙරෙහි ජනාධිපති අරමුදලේ අවධානය යොමු වී තිබේ. මෙම තොරතුරු අනාවරණය වූයේ ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

ලොතරැයි මණ්ඩලවලට විශාල ආදායමක් උපයා දෙන ලොතරැයි අලෙවිකරුවන්ගේ ජීවන තත්ත්වය නොවෙනස්ව පැවතීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. ඔවුන්ගේ කැපවීම ඇගයීමට සහ ජීවන බරට සහනයක් වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියද මේ වන විට හිමිව ඇත. ජනාධිපති අරමුදල දැනටමත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් විවිධ ශිෂ්‍යාධාර ක්‍රම ක්‍රියාත්මක කරන අතර, මෙම නව පියවර එහි තවත් එක් අදියරක් වේ.