තම දේශපාලන ව්‍යාපාරය තුළින් කෝටිපතියන් බිහිවීම පිළිබඳව තමන් සතුටු වන බවත්, රජයේ මූලික ඉලක්කය වන්නේ පොහොසත් රටක් නිර්මාණය කිරීම බවත් වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
ඊයේ (17) බදුල්ල ප්‍රදේශයේ පැවති අලුත් අවුරුදු උත්සවයකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජනතාව අපේක්ෂා කරන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීමට නව රජය උපරිමයෙන් කැපවී සිටින බවයි.
මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළ ප්‍රධාන කරුණු අතර,
අලුත් අවුරුදු වෙනුවෙන් 2026 වසරේ එළඹෙන අභියෝග ජයගැනීමට ශක්තිය ප්‍රාර්ථනා කරමින් සමස්ත ලාංකිකයින්ට සුබපැතුම් එක් කිරීමත්,
රජයට එල්ල වන විපක්ෂයේ විවේචන පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් ඇති බවත්,
ලෝක යුද්ධ හා ස්වභාවික ව්‍යසන හමුවේ ඇති වන සැබෑ තත්ත්වය විපක්ෂය හිතාමතාම නොසලකා හරින බවත් ඔහු පෙන්වා දුන්නේය.
උත්සව අවස්ථාවන්හිදී දේශපාලන මතිමතාන්තර ගැටුම් ඇති කර ගැනීම පලක් නොවන බව අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.




