මැයි මාසයට අදාළව සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද (01) දින සිදු නොවන බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනය කරයි.
ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කරන්නේද යන්න පිළිබඳ තීරණය ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කරන බව එම සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
සාමාන්‍යයෙන් සෑම මසකම පළමු වනදා ඉන්ධන මිල සංශෝධනයක් අපේක්ෂා කළද, මෙවර එය ප්‍රමාද වී තිබේ. අවසන් වරට මිල වෙනස් වූයේ මාර්තු මාසයේදීඉන්ධන මිල අවසන් වරට සංශෝධනය වූයේ පසුගිය මාර්තු මස 21 වනදාය.
එදින මිල ඉහළ දැමීමෙන් පසු දැනට වෙළඳපොළේ පවතින ඉන්ධන මිල ගණන් පහත දැක්වේ.





