Wednesday, May 13, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

අයහපත් කාලගුණය නිසා අධිවේගී මාර්ගයේ රියදුරන්ට RDA වෙතින් විශේෂ උපදෙස් මාලාවක්

දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල රිය ධාවනය කිරීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. වර්ෂාව සහ මීදුම හේතුවෙන් දෘශ්‍යතාව (Visibility) අඩුවීම අනතුරු වලට ප්‍රධාන හේතුවක් වී තිබේ.

ඔබේත්, අන් අයගේත් ආරක්ෂාව වෙනුවෙන් පහත උපදෙස් පිළිපදින්න
🚦 විද්‍යුත් පුවරු පිළිබඳ අවධානය යොමු කරන්න
අධිවේගී මාර්ගයේ ස්ථාපිත කර ඇති විද්‍යුත් පුවරුවල (Electronic Signs) ප්‍රදර්ශනය වන කාලගුණික සහ මාර්ග තත්ත්වයන් පිළිබඳ අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් පරීක්ෂා කරන්න.

දහවල් කාලයේ වුවද පවතින අඳුරු සහ මීදුම් සහිත ස්වභාවය නිසා, ඔබේ වාහනය අනෙක් රියදුරන්ට පැහැදිලිව පෙනීම සඳහා ප්‍රධාන ලාම්පු (Headlights) දල්වාගෙන ධාවනය කරන්න.

උපරිම වේගය පැයට කිලෝමීටර් 60 (60 kmph) සීමාවේ පවත්වා ගන්න.

ඉදිරියෙන් ධාවනය වන වාහනය සහ ඔබේ වාහනය අතර ප්‍රමාණවත් ආරක්ෂිත පරතරයක් තබා ගන්න.

ලිස්සන සුළු මාර්ගවල අධික වේගයෙන් ගමන් කරන විට හදිසි තිරිංග (Sudden Braking) යෙදීමෙන් වළකින්න. එය වාහනය පාලනයෙන් ගිලිහී යාමට (Aquaplaning) හේතු විය හැක.

Popular Articles