Sunday, May 17, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන් පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ ආරාධනයකට අනුව මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන් පිරිසක් මේ වන විට ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටිති.

දෙරට අතර පවතින දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික හා පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ මූලික අරමුණයි.

විශේෂයෙන්ම කාන්තා සවිබල ගැන්වීම, සමාජ සංවර්ධනය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ යහපාලන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය ප්‍රමුඛ මන්ත්‍රීවරියන් 15 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

Popular Articles