2026 වසර සඳහා වන ඡන්ද හිමි නාමලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, තම නම, ලිපිනය හෝ හැඳුනුම්පත් අංකයෙහි යම් සංශෝධනයක් සිදු කිරීමට ඇත්නම් හෝ මෙතෙක් නාමලේඛනයට ඇතුළත් වී නොමැති නම්, ඒ පිළිබඳව සොයා බලන ලෙස කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙහිදී 2009 පෙබරවාරි 01 වන දිනට පෙර උපත ලැබූ පුද්ගලයින්ට අදාළ ග්‍රාම නිලධාරී කාර්යාලය වෙත ගොස් සිය තොරතුරු විමසීමේ හැකියාව පවතී.
ඉදිරි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට පෙර සියලු දත්ත නිවැරදිව පවතින බව තහවුරු කරගන්නා ලෙස දැනුම් දෙන මැතිවරණ කොමිසම, වැඩිදුර තොරතුරු කොමිසමේ නිල වෙබ් අඩවිය හරහා ද පරීක්ෂා කළ හැකි බව පවසයි.




