ආනයනික කිරිපිටි මිල ගණන් වහාම ක්රියාත්මක වන පරිදි වැඩිකිරීමට ආනයනකරුවන් තීරණය කර තිබේ.
ඒ අනුව, වෙළෙඳපොළේ පවතින ආනයනික කිරිපිටි මිලෙහි සංශෝධනයක් සිදුව ඇති අතර, ග්රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්රෑම් එකක පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දමා ඇත.




