වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම සඳහා හඳුන්වා දී ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය සම්බන්ධයෙන් බාහිර පාර්ශ්වයන් විසින් සිදු කරනු ලබන නොමඟ යවන සුළු ප්‍රචාර පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවධානය යොමු කර තිබේ.
කොමිෂන් සභාවේ නිලධාරීන් නොවන පුද්ගලයන් විසින් සපයන වැරදි තොරතුරු සහ ක්‍රමවේදයන් ගැන සැලකිලිමත් වන්න.
පද්ධතියට දත්ත ඇතුළත් කිරීමේදී පැන නගින ගැටලු සඳහා පමණක් අල්ලස් කොමිසමේ නිල අංක භාවිතා කරන්න.
ඇමතුම් අංක: 076 701 1954 හෝ 011 258 7284
කිසිදු බාහිර පුද්ගලයෙකුගේ නොමඟ යවන සුළු උපදෙස්වලට රැවටෙන්න එපා. නිවැරදි තොරතුරු සඳහා අල්ලස් කොමිසමේ නිල අංශය හා සම්බන්ධ වන්න.



