Thursday, May 28, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

මහ බැංකු අධිපතිවරයාගෙන් අනතුරු ඇඟවීමක්!

වාහන ආනයනය කිරීමේදී පැනවෙන නව බදු හේතුවෙන් වාහන මිල කෘත්‍රිම ලෙස ඉහළ යා හැකි බවත්, එම වැඩි මිලට වාහන මිලදී ගැනීමට ජනතාව විශාල වශයෙන් ණය ලබා ගැනීම නිසා ඔවුන් අනවශ්‍ය ණය බරකට හසුවීමේ අවදානමක් පවතින බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය තුළ පුද්ගලයන් සිය ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව අසීරුතාවට පත්වුවහොත්, එය සමස්ත බැංකු පද්ධතියටම බලපෑම් කළ හැකි අවදානමක් බව ඔහු වැඩිදුරටත් පවසයි.

මහ බැංකුවේ නව තීරණ

  • වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන උපරිම ණය සීමාව අඩු කිරීම.
  • රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය, එම භාණ්ඩයේ වටිනාකමින් උපරිම 70%කට සීමා කිරීම.

ජනතාව මූල්‍යමය වශයෙන් ආරක්ෂා කිරීම සහ බැංකු පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම මෙම පියවරවල අරමුණයි.

තවද, පවතින ගෝලීය අර්බුද හමුවේ වුවද, මෙම වසරේ 4% – 5% අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගත හැකි බවට මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරයි.

Popular Articles