දිගු කලකට පසු හෙද සේවයේ පුරප්පාඩු පිරවීමේ අරමුණින්, හෙද අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව සාර්ථකව නිම කළ විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515 දෙනෙකු සඳහා හෙට (29) දින III ශ්‍රේණියේ හෙද නිලධාරී පත්වීම් ප්රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මෙම පත්වීම්ලාභීන් ප්‍රධාන රෝහල් සහ ශික්ෂණ රෝහල් වෙත අනුයුක්ත කිරීමට නියමිත අතර, මෙය 2021 වර්ෂයෙන් පසුව සිදුකරන පළමු බඳවා ගැනීම වීම විශේෂත්වයකි.
- දැනට මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ සක්‍රීයව නිරත හෙද නිලධාරීන් සංඛ්‍යාව 43,553කි.
- ක්ෂේත්රයේ මානව සම්පත් හිඟය පියවීමට පසුගිය වසර දෙක තුළ පමණක් හෙද කාර්ය මණ්ඩල 3,441ක් බඳවා ගෙන ඇත.
- දිවයින පුරා පිහිටි හෙද විදුහල්වල දැනට සිසුන් 7,800ක් පුහුණුව ලබමින් සිටින අතර, තවත් නවක සිසුන් 3,000ක් බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය ද හිමිව තිබේ.
මෙම පියවර මගින් මෙරට රෝහල් පද්ධතියේ සායනික සේවා අවශ්‍යතා වඩාත් කාර්යක්ෂම කර ගැනීමට අපේක්ෂා කෙරේ.




