Friday, May 29, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

පසුගිය 2014 වසරේ පැවැති ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීමේ සිද්ධියකට අදාළව, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පොදු දේපොළ පනත යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (29) අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

එම නියෝගයට අනුව අත්අඩංගුවට ගැනීමට නියමිත පිරිස අතර පහත අය වේ,

  • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා
  • සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න මහතා
  • සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර් මහතා

මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුවය.

Popular Articles