Wednesday, June 3, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

මෙරට ප්‍රධානම කුඩු ජාවාරම්කරුවෙක් වන ‘ශිරාන් බාසික්’ අල්ලන්න ශ්‍රී ලංකාව සහ ඇමරිකාව එක්වෙයි !

ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වනු ලබන ප්‍රධානම ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් (5) එක් අයෙකු ලෙස හඳුනාගෙන ඇති ‘ශිරාන් බාසික්’ නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

මේ වන විට මෙරටින් පලාගොස් විදේශ රටක සැඟව සිටින මෙම ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාව රාජ්‍ය තාන්ත්‍රික සබැඳියාවන් ඔස්සේ ශ්‍රී ලංකාව මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය ද නිල වශයෙන් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වන බව අපරාධ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා අනාවරණය කළේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (03) ‘අද දෙරණ’ නාලිකාවේ විකාශය වූ ‘Big Focus’ දේශපාලන සහ කාලීන පුවත් වැඩසටහනට සෘජුවම සම්බන්ධ වෙමිනි.

පොලිස් විමර්ශනවලට අනුව ‘ශිරාන් බාසික්’ යනු මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධානතම මොළකරුවෙකු වන අතර, ඔහු විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සහ මුදල් විශුද්ධිකරණ ජාවාරම් (Money Laundering) සිදුකර ඇති බවට සැකකෙරේ.

ඔහුගේ නීතිවිරෝධී ක්‍රියාවලීන් ජාත්‍යන්තර ආරක්ෂාවට ද තර්ජනයක් වී ඇති බැවින්, ශ්‍රී ලංකා පොලීසියට අමතරව ඇමරිකානු ආරක්ෂක සහ විමර්ශන අංශ ද මොහු සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බව පැහැදිලි වේ.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහ ජාත්‍යන්තර පොලීසිය (Interpol) හරහා සිදුකෙරෙන මෙම ඉල්ලීම් මත, ඉදිරි කාලය තුළ සැකකරු මෙරටට හෝ ඇමරිකාවට පිටුවහල් කරවා ගැනීමට හැකිවනු ඇතැයි ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.

Popular Articles