ශ්‍රී ලංකාව තුල ඩෙංගු රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන අතර, මේ වන විට මරණ 29ක් සහ රෝගීන් 48,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක 14ක් ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක ලෙස මේවන විට හඳුනාගෙන තිබේ.
පවතින තත්ත්වය හමුවේ, වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් තත්ත්වයන් වෙනස් කිරීමට විශාල උත්සාහයක් ගන්නවා….
ජන සමාජයක් ලෙස තත්ත්වය පාලනය කිරීමට නම් ඩෙංගු මදුරුවන් බෝ විය හැකි අපේ අවට වටපිටාව සම්පූර්ණම පිරිසිදු කර ගැනීම තමයි අපි කාගේත් යුතුකම..




