spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

වසන්ත ලීස් ක්‍රමයට දෙනවා කිව්ව හාල් නලින්ද නැහැ කියයි.

රාජ්‍ය සේවකයින්ට හාල් කිලෝග්‍රෑම් විස්සක් ණය පදනම මත ලබාදීමේ අදහස රජයේ නිලධාරීන් පිරිසකගේ යෝජනාවක් පමණක් බවත් ඒ පිළිබඳව ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් නලින්ද ජයතිස්ස  පවසනවා.

විපක්ෂය එල්ල කරන චෝදනාවල කිසිදු පදනමක් නොමැති බවද මාධ්‍යවේදියෙක් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එහිදී කියා  සිටියා.

අතීතයේදී ලක්ෂ දොළහකට විට්ස් වර්ගයේ මෝටර් රථ ලබාදීමට පොරොන්දු වී වර්තමානයේදී හාල් පවා ලීසිං ක්‍රමයට ගැනීමට සිදුවන තරමට රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනා පිළිබඳව අමාත්‍යවරයා කියා සිටියේ, විපක්ෂය යනු රටේ සිදුවන සැබෑ සංවර්ධනය දෙස නොබලා දේශපාලන වාසි තකා විවිධ ප්‍රකාශයන් සහ වචන අල්ලාගෙන දඟලන පිරිසක් පමණක් බවයි.

එමෙන්ම  රට තුළ වර්තමානය වන විට ඊට වඩා විශාල සහ සාධනීය පරිවර්තනයන් රැසක් සිදුවෙමින් පවතින බවද පැවසූ නලින්ද ජයතිස්ස, නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් පසුගිය කාර්තුවේ 5.1%ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගනිමින් මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමකට පත් කිරීමට වත්මන් රජය සමත්ව ඇති බවද සඳහන් කළා.

අමාත්‍යවරයා පවසන්නේ, රජය මේ වන විට ජාත්‍යන්තර විදේශීය ණය ද ක්‍රමවත්ව ගෙවමින් රටේ ආර්ථිකය ක්‍රමානුකූලව ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවයි.

එවැනි සාර්ථක පසුබිමක කවුරුන් හෝ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු ඉදිරිපත් කළ සාමාන්‍ය යෝජනාවක වචනයක් අල්ලාගෙන විපක්ෂය සිදුකරන මඩ ප්‍රචාරයන්හි කිසිදු තේරුමක් නොමැති බවද නලින්ද ජයතිස්ස මහතා පවසනවා…

Popular Articles