spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

කලින් වගේ නෙවෙයි..දැන් ජනතාව බදු ගෙවන්නෙ හරි ආසාවෙන්..

වත්මන් රජය ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල්වලින් එක සතයක් හෝ නාස්ති නොකරන බවත්, එම විශ්වාසය නිසා ජනතාව දැන් කැමැත්තෙන් බදු ගෙවීමට ඉදිරිපත් වන බවත් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි පවසයි.
මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

පෙර පැවති ආණ්ඩු මෙන් නොව, වත්මන් පාලනය යටතේ බදු මුදල් සොරකම් කිරීමක් හෝ අවිධිමත් ලෙස භාවිත කිරීමක් සිදු නොවන බව ඒ මහතා අවධාරණය කළේය.”බදු ගන්නේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන්. පරණ ආණ්ඩු වගේ මේවා හොරකම් කරන්නේ නැති බව මිනිස්සු දන්නවා. ඒ නිසයි ඔවුන් අද කිසිදු අකමැත්තකින් තොරව බදු ගෙවන්නේ” යනුවෙන් ඔහු සඳහන් කළේය.

ඉන්ධන මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ලෝක යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවුවද, ජනතාවට සහන සැලසීම සඳහා මේ වන විටත් මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි.
“පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කරන කොට එහි වාසිය ජනතාවට ලැබෙනවා. අපි තවමත් ඉන්නේ අවශ්‍යම මට්ටමේ නෙවෙයි, ඉදිරියේදී තවදුරටත් ඉන්ධන මිල අඩු කරලා ජනතාවට සහන දෙන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි ද ඔහු පැවසීය.

බදු අය කිරීමේ සැබෑ අරමුණ ජනතාවට අවශ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබාදීම බවත්, දූෂණයෙන් තොර පාලනයක් තුළ එහි ප්‍රතිලාභ සෘජුවම ජනතාවට හිමිවන බවත් ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Popular Articles