පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයන් සුරේෂ් සලේ ක්‍රියාත්මක වූ ආකාරය සහ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල සම්බන්ධ වූ ආකාරය මෙයට වසර 6කට පමණ පෙර පාර්ලිමේන්තුවේදී හෙළි කර තිබිණි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි මනූෂ නානයක්කාර එම කරුණු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර, මේ වනවිට එම පක්ෂයේ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් අපරාධකරුවන් බේරා ගැනීම සඳහා පෙරමුණ ගෙන සිටී. ඊට අමතරව, ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඍජු ප්‍රහාරයක් කළ මනූෂ නානයක්කාර ද පසුව එම ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස එකතු විය.
මෙවැනි දේශපාලන පාදඩකරණයට ලක් වී තිබූ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාමාර්ග වත්මන් ආණ්ඩුව යටතේ වේගයෙන් සිදු කෙරේ. මනූෂ නානයක්කාර එදා පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස් පහත වීඩියෝවෙන් දැක්වේ.




