ගෝලීය උණුසුම හමුවේ රිදී රේඛාව පෙනෙන තෙක්මානයකද? “නිහඬ ඝාතකයාගේ” මාරාන්තික ආක්‍රමණය සහ විද්‍යාත්මක පසුබිම
පෘථිවිය මත මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාසයන්හි වඩාත්ම දරුණු ප්‍රතිඵලය වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි. මෑත කාලීනව යුරෝපා සංගමයේ රටවල්, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව ඇතුළු බටහිර ලෝකය පුරා හමා යන දරුණු තාප තරංග (Heatwaves) හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. ජාත්‍යන්තර දත්තවලට අනුව 2000-2019 කාලය තුළ වසරකට සාමාන්‍යයෙන් 489,000 කට ආසන්න ප්‍රමාණයක් අධික උෂ්ණත්වය සහ ඒ හා බැඳුණු සෞඛ්‍ය පහසුකම්වල මන්දගාමී බව නිසා මිය ගොස් ඇත…
1. ඇමරිකාව සහ බටහිර කලාපයේ ඓතිහාසික වාර්තා බිඳවැටීම
ප්‍රංශ AFP මාධ්‍ය සේවයට අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු සහ බටහිර ප්‍රදේශවල උෂ්ණත්වය සර්වකාලීන වාර්තා බිඳ දමමින් ඉහළ ගොස් ඇත. ඇමරිකාවේ බොහෝ නිවාස සහ ගොඩනැගිලි වායු සමීකරණ (A/C) පද්ධතිවලින් සමන්විත වුවද, වර්තමානයේ අධික තාප තරංග නිසා සිදුවන මරණ සංඛ්‍යාව එරට සුළි කුණාටු සහ ගංවතුර නිසා සිදුවන මරණවලට වඩා වැඩි අගයක් ගනී…මොන්ටානා හි බිලින්ග්ස් එරට ජාතික කාලගුණ සේවයට අනුව මෙහි උෂ්ණත්වය 109°F (43°C) දක්වා ළඟා වී ඇති අතර, මෙය වසර 150 ක කාලගුණ දත්ත සටහන් අතර ඉහළම අගයකි.
වනාන්තර ලැව්ගිනි කොලරාඩෝ හි හටගත් දැවැන්ත ලැව්ගිනි මෙන්ම නිව්යෝර්ක් සහ ෆිලඩෙල්ෆියා වැනි ප්‍රධාන නගරවල උෂ්ණත්වය 40°C ආසන්නයට පැමිණීම මෙහි බරපතලකම පෙන්වා දෙයි…
තාපයේ විද්‍යාත්මක පසුබිම: “උෂ්ණත්ව දූපත්” සහ හරිතාගාර වායු
පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මීට ප්‍රධානතම හේතුව ගල් අඟුරු, පෙට්‍රෝලියම් තෙල් සහ ස්වාභාවික ගෑස් අධික ලෙස දහනය කිරීමෙන් පරිසරයට මුදාහැරෙන හරිතාගාර වායු බවයි…
විද්‍යාත්මක සංකල්පය: නාගරික තාප දූපත් බලපෑම
කොන්ක්‍රීට්, තාර සහ ගොඩනැගිලි වැඩි නාගරික ප්‍රදේශවල උෂ්ණත්වය තවදුරටත් ඉහළ යන්නේ, මෙම ද්‍රව්‍යවලට දිවා කාලයේ තාපය අවශෝෂණය කර රාත්‍රී කාලයේදී නැවත පරිසරයට විමෝචනය කිරීමේ හැකියාව ඇති බැවිනි. නගරවල ශාක ආවරණය අඩු වීම මෙම තත්ත්වය දෙගුණ කරයි.
යුරෝපා මහාද්වීපය: දේශගුණික විපර්යාසවල ප්‍රධාන ගොදුර
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, අනෙකුත් මහාද්වීපවලට වඩා දෙගුණයක වේගයකින් යුරෝපය උණුසුම් වෙමින් පවතී…
මරණ සංඛ්‍යාව: පසුගිය වසර හතර තුළ පමණක් යුරෝපයේ තාපය ආශ්‍රිත හේතූන් මත පුද්ගලයින් 200,000 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇත.
2023 වසර: යුරෝපය පුරා අතිරේක මරණ 70,000 කට වඩා වාර්තා විය..

විශේෂිත රටවල්:
ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය, ග්‍රීසිය සහ ප්‍රංශය නියඟ සහ අධික උණුසුමෙන් වැඩිම පීඩාවට පත් විය.
ප්‍රංශයේ දැඩි තාපය නිසා පුද්ගලයින් 2,025 දෙනෙකු මියගොස් ඇති අතර, හෙක්ටයාර් 17,000 කට වැඩි වනාන්තර ප්‍රමාණයක් ගින්නට ගොදුරු විය.
ජර්මනියේ රොබට් කොච් ආයතනය වාර්තා කරන පරිදි පසුගිය වසරේ පමණක් තාපය ආශ්‍රිත මරණ 2,500 ක් සිදුවිය…
අධික තාපය මිනිස් සිරුරට සහ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද?
අධික උෂ්ණත්වය යනු හුදෙක් අපහසුතාවයක් පමණක් නොව, සිරුරේ අභ්‍යන්තර පද්ධතීන්ට මාරාන්තික තර්ජනයකි වැඩි අවදානමක සිටින්නන්ව යස්ගත පුද්ගලයින්, බිළිඳුන්, නිදන්ගත හෘද හා ශ්වසන රෝගීන් සහ එළිමහන් ශ්‍රමිකයින් මෙහි ප්‍රධාන ගොදුරු බවට පත්වේ…
WHO සහ ලෝක ප්‍රජාවගේ ඉදිරි පියවර
ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් හෙන්රි පී. ක්ලූජ් සඳහන් කළේ:
”තාපය යනු නිහඬ ඝාතකයෙකි , නමුත් එය වළක්වා ගත හැකිය.”
මෙම අර්බුදයට මුහුණ දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තාප-සෞඛ්‍ය ක්‍රියාකාරී සැලසුම් යටතේ ප්‍රධාන අංග 8 කින් සමන්විත මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත..
පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති දේශීය මට්ටමින් තාප තරංග පිළිබඳ ජනතාව කලින් දැනුවත් කිරීම.
නාගරික හරිතකරණය ශාක වගාව මගින් නගර සිසිල් කිරීම සහ සිසිලන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම.
අවදානම් කණ්ඩායම් ආරක්ෂාව: වැඩිහිටියන් හා රෝගීන් සඳහා ප්‍රමාණවත් සජලනය සහ විද්‍යුත් පරීක්ෂාව සහතික කිරීම.
නම්‍යශීලී සේවා කාලය, එළිමහන් ශ්‍රමිකයින් අධික හිරු එළියෙන් ආරක්ෂා කිරීමට විවේක කාල සපයා දීම.
සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම, රෝහල් සහ හදිසි ප්‍රතිකාර ඒකකවල කාර්ය මණ්ඩල සහ පහසුකම් පුළුල් කිරීම.
අන්තර් ආංශික සම්බන්ධීකරණය, සෞඛ්‍ය, පරිසර, නාගරික සංවර්ධන සහ සමාජ සුභසාධන අමාත්‍යාංශ ඒකාබද්ධව කටයුතු කිරීම.

උණුසුම් වන පෘථිවිය හමුවේ තාක්ෂණයෙන් පමණක් යැපීම ප්‍රමාණවත් නොවන බව ඇමරිකාව වැනි දියුණු රටවල වාර්තා පෙන්වා දෙයි. මෙය හදිසි පරිසර සහ මහජන සෞඛ්‍ය අර්බුදයක් ලෙස සලකා, හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට තිරසාර පියවර ගැනීමත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පරිදි ජාතික මට්ටමේ පෙරසූදානම තහවුරු කිරීමත් සියලු රාජ්‍යයන්ගේ වගකීම වී ඇත.
✍️ ලක්මාල් රණබාහු..




