ගොවි ජනතාවගේ කර්මතින්නා ආණ්ඩුව ගොවිජනතාවගේ හතුරෙක් බවට පත්වී ඇති බවත්… රටේ ජනතාව ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් සිටිය දී වත්මන් රජය ඒ සියලු ප්‍රශ්න අමතක කර, ගොවි ජනතාව සිය පොහොර ගැටලු සේම ස්ථාවර මිල සම්බන්ධ ගැටලුවකට මුහුණ දුන්නත් රජය තවමත් ඒ සඳහා නිසි විසඳුමක් නොමැතිව ගොවි ජනතාවට විශාල පාඩුවක් අත් ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය පාර්ලිමේන්තුවේදීපවසන ලදී..
ඊට අමතර ව වතුකරයේ ජනතාව ද දැන් ගැටලු රැසකට මුහුණ දෙමින් මැතිවරණ සමයේ රජය වතු ජනතාව වෙනුවෙන් සිදු කළ පොරොන්දු අද එකින් එක කඩකරමින් වතුකරයේ ජනාධිපතිවරයා.. ඉඳ හිට ගොස් පවත්වන මාධ්‍ය සංදර්ශන වලට පමණක් සීමා වී ඇති බවත්.. සහ ඩෙංගු රෝගය රට තුළ වසංගතයක් ලෙස පැතිරෙමින් මේ වන විට රෝගීන් 78000 සීමාව ඉක්මවා රෝහල් පිරී ඉතිරී ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදී..
පාරම්පරික වෛද්‍ය ක්ෂෙත්‍රයේ ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද ගැටලු රැසක් දක්නට ඇති අතර.. ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්.. තවදුරටත් කල්මරමින් නොසිට රජය එකී ගැටලුවලට විධිමත් විසඳුම් ලබා දිය යුතු බව චලිත ප්‍රේමදාස මෙහිදී අවධාරණය කරන ලදී..




