හිටි හැටියේ පොහොසතුන් වී සිටින සැක කටයුතු පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස මහජනයාට ආයාචනා කර ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කළ නිවේදනය වහාම හකුළා ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නිසි මාර්ගෝපදේශවලින් තොරව එම පොලිස් නිවේදනය නිකුත් කර ඇති බවයි. එසේම, එක්සත් රාජධානියේ ස්වාධින පරීක්ෂණ සභාව පිළිගෙන ඇති කොන්දේසිවලට ද පොලිස් නිවේදනය විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කර ඇත..
එහෙත්, නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ නීති විරෝධී නොවන ලෙස වත්කම් උපයා ගත් පුද්ගලයින් කිසිවෙකුටත් බියවීමට හේතුවක් එම පොලිස් නිවේදනයේ නැති බවයි. විශේෂයෙන් ම, පසුගිය දශක තුනක් පමණ පුරා මෙරට කළු ආර්ථිකය අති විශාල ආකාරයෙන් පැතිරී තිබේ. එය මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙල තුළ එක් අංගයක් ලෙස පොලිසිය විසින් මහජන පැමිණිලි බාර ගැනීම සඳහා ක්‍රියා කරනු ලැබීය..



