spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

යෝෂිත ව්‍යාපාර සමුළුවලට රටින් යන්න අවසර ඉල්ලයි.. කරපු සමුළු ගැන නඩු යන්නෙ…ඒ නිසා බැහැ.. අධිකරණය කියයි…

ව්‍යාපා­රික සමු­ළු­ව­කට සහ­භා­ගි­වීම සඳහා විදේ­ශ­ගත වීමට අව­සර දෙන ලෙස හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුත් යෝෂිත රාජ­පක්ෂ මහතා කළ ඉල්ලී­මට අදා­ළව නියෝ­ග­යක් නිකුත් කළ නොහැකි යැයි කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අසංග එස්. බෝද­ර­ගම ඊයේ (04) කියා සිටි­යේය.

සැක­ක­රුට එරෙ­හිව අධි­චෝ­දනා ගොනු කර ඇති බැවින් ඊට අදා­ළව නියෝ­ග­යක් මහා­ධි­ක­ර­ණ­යෙන් ලබා ගන්නා ලෙසද මහේ­ස්ත්‍රා­ත්ව­රයා දැනුම් දුන්නේය. නොති­සි­යක් ලද විට කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ පෙනී සිටින ලෙසද මහේ­ස්ත්‍රා­ත්ව­රයා යෝෂිත රාජ­පක්ෂ සහ හිටපු නාවික හමු­දා­පති අද්මි­රාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කර­න්නා­ගොඩ මහතා යන දෙදෙ­නාටම නියම කළේය.

සැක­ක­රු­වන් දෙදෙනා අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් වූ අව­ස්ථා­වේදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම නියෝ­ගය කළේය.

අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, සැක­ක­රු­වන් දෙදෙනා හට මහා­ධි­ක­ර­ණය හමුවේ අධි­චෝ­දනා ගොනු කර ඇති බව පැව­සීය.

2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමු­දා­වට විධා­යක ශිෂ්‍ය භට­යකු ලෙස නිය­මිත සුදු­සු­කම් සපුරා නොතිබූ යෝෂිත රාජ­පක්ෂ යන අය බඳ­වා­ගැ­නීම සහ එතෙක් පැවැති පටි­පා­ටි­යෙන් බැහැ­රව රජයේ මුදල් ගෙවා ඔහු බ්‍රිතා­න්‍යයේ රාජ­කීය නාවික හමුදා විද්‍යා­ලයේ පුහුණු පාඨ­මා­ලා­වක් සඳහා සහ­භාගි කරවූ බවට එව­කට නාවික හමු­දා­ප­තිව සිටි වසන්ත කර­න්නා­ගොඩ මහ­තාට එරෙ­හිව දූෂ­ණය නමැති වරද යටතේ අල්ලස් කොමි­සම මේ නඩුව පවරා ඇත.

සැක­කාර හිටපු නාවික හමු­දා­පති වසන්ත කර­න්නා­ගොඩ වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් සිය සේවා­දා­ය­කයා හට මහා­ධි­ක­ර­ණය හමුවේ අධි­චෝ­දනා ගොනු­කර ඇති බව දැන­ගනු ලැබුවේ සමාජ මාධ්‍ය හරහා බව පැව­සීය.

සැක­කාර යෝෂිත රාජ­පක්ෂ වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් සැක­ක­රු­ට ව්‍යාපා­රික සමු­ළු­වක් සඳහා විදේ­ශ­ගත වීමට ඇති බැවින් දැනට පනවා ඇති විදෙස් ගමන් තහ­නම තාව­කා­ලි­කව ඉවත් කරන ලෙස ඉල්ලා සිටි­යේය.

එහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා, සැක­ක­රුට එරෙ­හිව අල්ලස් කොමි­සම විසින් මහා­ධි­ක­ර­ණය හමුවේ අධි­චෝ­දනා ගොනු කර ඇති බැවින් ඉල්ලී­මට අදාළ නියෝග නිතුත් කළ නොහැකි බවත් අදාළ නියෝග මහා­ධි­ක­ර­ණ­යෙන් ලබා ගන්නා ලෙස ප්‍රකාශ කළේය.

මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ මෙම නඩු­ක­රය කැඳවා අව­සන් බවද මහේ­ස්ත්‍රා­ත්ව­රයා පැව­සීය.

Popular Articles