හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ දී..
එරාජ් සම්බන්ධව ඉතිහාසයේ එක්තරා අඳුරු අවධියකදී ඔහු සමග එකට දේශපාලනය කළ මේ තත්පරයේ එරාජ් නියෝජනය කල දේශපාලනයට ප්‍රතිවිරුද්ධ කඳවුරක දේශපාලනය කරන මහාචාර්ය නිර්මාල් දේවසිරි මෙවැනි සටහණක් තබා තිබුණි…
එරාජ් ගැන මට පොතක් ලිවිය හැක. 1988 දී පමණ මට ඔහු හමුවන්නේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ උද්යෝගීමත් තරුණ ක්‍රියාධරයෙක් ලෙසටයි. එතැන් සිට මා ඔහු සෑහෙන කිට්ටුවෙන් ඇසුරු කර ඇත. අපගේ දේශපාලන අනාථ නිවාසය නොරිස් කැනල් හී රාජිත සේනාරාත්නගේ නිවස වී තිබූ සමයේ ඔහු කිට්ටුවෙන් ඇසුරු කළෙමි. විජය කුමාරතුංගගේ දේශපාලන ප්‍රෙව්ශයට ආශක්ත වී සිටි දේශපාලන උනන්දුවක් සහිත තරුණ කණ්ඩායමක් ඔහුගෙන් නියෝජනය විය. 1987න් පසු ඇති වූ අතිශයින් සංකීර්ණ හා දිගුකාලීන දේශපාලන කුණාටුවට හසුව ගසාගෙන ගිය චරිතයක් ලෙස එරාජ් හැදින්විය හැකිය. ඒ කුණුටුවේ එක් අවස්ථාවක ජවිපෙ මර්දනය සදහා ක්‍රියාත්මක වූ වාමාංශික සන්නද්ධ කණ්ඩායම්වල ද, සිරිතුංග ජයසූරියගේ පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයෙක් ලෙස ද, අවසානයේ රාජපක්ෂ තන්ත්‍රෙය් නගරාධිපතිවරයෙක් බවටද ඔහු පත් විය.
හැකි වුවහොත් ඔහු මුල් කරගෙන මේ තරුණ කණඩායමේ ඉතිහාසය ගැන යූ ටියුබ් වීඩියෝවක් කිරීමට බලාපොරොත්තු වෙමි…

එසේම ඔහුගේ සමකාලීන එරාජ්ගේ මිත්‍රයෙක් වන වෛද්‍ය රුවන් ජයතුංග… මෙවැනි සටහනක් වසර කිහිපයකට පෙර ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ බව සඳහන් කර තිබුණි..
( 2018 මම ලිව්වා මේ සොඳුරු මිනිසා දේශපාලනය නිසා විනාශවී යන අයුරු දැකීම කණගාටුවකි කියලා )
සොඳුරු මිනිසෙකු වූ එරාජ් ප්‍රනාන්දු ………….. එරාජ් ප්‍රනාන්දු (පිස්තෝල නගරාධිපති) ඒ කාලයේ (1982-83) අප සමග කෙඩෙටිං කල අතර ජොලි පොරක් විය. ඇත්ත වශයෙන්ම එරාජ් එල කිරි කොල්ලෙකි. එරාජ් , මම , රණසිංහ (වර්තමානයේ විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයෙකි ) ෆොන්සේකා ( ලුතිනන්වරයෙකුව සිටියදී වඩමාරච්චි ක්‍රියාන්විතයේදී ජීවිතක්ෂයට පත් විය ) රුවන් කුලතුංග ( වර්තමානයේ ජෙනරාල්වරයෙකි) , නානයක්කාර (ක්‍රියාන්විතයේදී තුවාල ලබා හමුදාවෙන් විශ්‍රාම ගියේය) , සුබසිංහ නොහොත් ගල් සුබේ ( විශ්‍රාමික හමුදා නිලධාරියෙකි) ජයානන්ද හෙවත් මාළු කටා ( වර්තමානයේ බන්ධනාගාර ජේලර්වරයෙකි) අසංග ලංකාතිලක හෙවත් මුචලින්ද ( ජෙනරාල් කොබ්බෑකඩුව සමග අරාලි තුඩුවේදී ජීවිතක්ෂයට පත් විය) වීරේ (වර්තමානයේ මාදම්පේ ප්‍රදේශයේ පෙට්‍රල් ශෙඩ් හිමි ව්‍යාපාරිකයෙකි) යනාදීන් සමග ප්ලැටූන් එකේ ගත් ආතල් නිමක් නැත. වරක් අපගේ කෙඩෙටිං ගුරු කරුණාරත්න සර් අපට ග්‍රවුන්ඩ් එක වටා රවුම් 15 දුවන්නට කීවේය. මේ රවුම් 15 දුවන විට අවසානයට එන පස් දෙනාට තවත් රවුම් 5 ලැබෙයි. එදින කොල්ලෝ මා පසු කරගෙන වේගයෙන් දිව්වෝය. මේ නිසා එක්ස්ට්‍රා රවුම් 5 ක් මට ලැබෙන බව නියත ලෙස පෙනෙන්නට තිබුනේය. මේ නිසා මම රවුම් 14 අවසානයේ බොරුවට කකුලේ ක්රෑම්ප් එකක් ආවා කියා ග්‍රවුන්ඩ් එක අයිනේ වාඩිවී සිටියෙමි. මට අසාධ්‍ය යැයි සිතූ එරාජ් තම වට 15 මුලින්ම අවසන් කොට මගේ සහාය සඳහා මවෙත ආවේය. ඔහු ස්වභාවයෙන්ම උනුසුම් පුද්ගලයෙකු විය. මේ සොඳුරු මිනිසා දේශපාලනය නිසා විනාශවී යන අයුරු දැකීම කණගාටුවකි.

අප මාධ්‍ය ආයතනය රාජ්යනු එවැනි පුද්ගලයෙක් හෝ දන්නේ ඔහු මිය ගිය පුවත සෙලවූ මේ තත්පරයේදීය… අප දන්නේ ඔහු රාජපක්ෂ දේශපාලනයේ අනන්ත වූ ඛේදාවාචකයක් සහ බිල්ලක් බවට පත් වූ බව පමණි.. එහි ප්‍රතිඵලයක් ලෙසම එක්කෝ ඔහුට සියදිවි හානි කර ගැනීමට සිදුවූ අතර සමහර විටක ඝාතනයක් ද විය හැක.. එය අනාගතයේදී තීරණය වනු ඇත .. සුබ ගමන් එරාජ්…



