රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔහු මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවී තිබෙන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කළ බවට නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 14 වැනිදා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ පැවසීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් විසින් බන්ධනාගාර අධිකාරි වෙත ලබා දුන් නියෝගයකට අනුවය.
එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් නාමල් රාජපක්ෂ පසුගියදා අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව, 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි…




