fbpx

නවීන “m stop” බස් නැවතුම බත්තරමුල්ලට

Business

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බත්තරමුල්ල ‘දියත උයන’ ප්‍රදේශයේදී නිර්මාණය කරන ලද පරිසර හිතකාමී සහ නවීන ඩිජිටල් පහසුකම් වලින් සමන්විත වායුසමීකරණය කරන ලද බහු කාර්ය බස් නැවතුම්පොල ඊයේ (16) දින විවෘත කෙරිණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව නිර්මාණය කරනු ලැබු මෙම ‘m stop’ බස් නැවතුම්පල ඉදි කර තිබේ.

අඩි 20 x 8 ක ප්‍රමාණයකින් යුත් ලංකාවේ ප්‍රථම වතාවට ඉදිකර ඇති ‘m stop’ බස් නැවතුම මගීන්ට නව අත්දැකීමක් එක් කරනු ඇත.

එහි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක්, මගී ආසන, Wi-Fi පහසුකම්, වායුසමීකරණ පද්ධතියක්, CCTV පද්ධතිය, ස්වයංක්‍රීය දොරවල් සහිත පිවිසුම් දෙකක්, නගර සිතියම්, වෙළඳ දැන්වීම් සඳහා ඩිජිටල් LCD පද්ධතිය සහ රීලෝඩ් පහසුකම් සහිත කුඩා වෙළඳසැලක් සහ බස්රථ කාලසටහනකින් සමන්විත වේ.

බස් රථ නැවතුම විවෘත කිරීමෙන් පසු එහි කළමණාකරන කටයුතු මෙන්ම ඉදිරි භාරකාරිත්වය ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව වෙත පවරනු ලැබීය.

Leave a Reply