fbpx

වක්‍ර බදු වලින් වැඩිම බලපෑමක් එල්ල වන්නේ පහළ මට්ටමේ සිටින ජනතාවට – ඉරාන් වික්‍රමරත්න

Videos

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද යනුවෙන් රජය ඉදිරිපත් කර ඇත්තේ තවත් වක්‍ර බදු ක්‍රමයකි. මෑතදී 15% දක්වා වැඩිකරන ලද වැට් බද්ද සමඟ මෙම නව බද්දේ මුළු අගය ගණනය කළ විට වක්‍ර බදු ප්‍රමාණය 25% දක්වා වැඩිවන බවත් වක්‍ර බදුවලින් වැඩිම බලපෑම් එල්ල වන්නේ සමාජයේ පහල ස්ථරයේ සිටින ජනතාවට යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද යනුවෙන් ව්‍යාපාර පිරිවැටුම් මත 2.5% ක බදු අය කිරීමේ නව පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් ඉරාන් වික්‍රමරත්න මහතා එසේ පැවසීය.

එහිදී වැඩි දුරටත් කථා කළ මන්ත්‍රීවරයා.

බදු ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක නොකරන විට රජයන් බොහෝ දුරට බලන්නේ සෘජු බදු වලට වඩා වක්‍ර බදු හරහා රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමටය. එහෙත් ආර්ථික අර්බුදයට මුහුණ දී තිබෙන මේ අවස්ථාවේ දී සාමාන්‍ය ජනතාවට මෙ මගින් ඇති වන අහිතකර බලපෑම් ඉතා අධිකයි.

බදු ගෙවන ජනතාවට පහසු වන බදු ක්‍රමයක් පවත්වාගෙන යෑමේ වැදගත්කම පෙන්වා දුන් මන්ත්‍රීවරයා බදු ප්‍රමාණය වෙනස් වූ වද සෘජු බදු වැඩියෙන් එකතු කල යුතුයි කියන බදු මූලධර්මයන් ගැන එකඟතාවයක් තිබේ නම් බදු අනුකූලතාවයක් අපේක්ෂා කළ හැකි යැයි කීය.

වක්‍රබදු පැනවීම තුළින් රටේ දුප්පත් ජනතාවට එකී බලපෑම වනවා. අයි එම් එෆ් ගිවිසුම ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කළ ද එය පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවට හෝ අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුයි.

අගය එකතු කිරීමේ වැට් බද්ද සැපයුමේ විව්ධ අදියරවලදී අගය එකතු කිරීම මත තීරණය වේ. වක්‍ර බදු වල ඉතිහාසය මතක් කළ හෙතම 1964, 1981 ව්‍යාපාර පිරිවැටුම් බද්ද, 1992 දී ජාතික ආරක්ෂක බද්දක් සමග ආරක්ෂක බද්දක් ගෙනාවා. 2006 දී ආර්ථික සේවා ගාස්තුවක් දැම්මා.2009 දී ජාතිය ගොඩනැගීමේ බද්දක්ද 2022 දී සමාජ ආරක්ෂණ දායකත්ව යනුවෙන් තවත් බද්දක් ගෙන ඇවිත් තිබෙනවා. 2021 අය වැයේදී කෝවිඩ් රක්ෂණ ආවරණයක් ලෙස, රාජ්‍ය සේවක අග්‍රහාර රක්ෂණ ක්‍රමය හා සමාන ක්‍රමයක් ලෙස, සේවකයන් 50 ට වැඩියෙන් සිටින කම්හල් සඳහා ගෙන එන්නයි යෝජනා කලේ. එහෙත් ඒ වෙනුවට 2022 දී සමාජ ආරක්ෂණ දායකත්ව බදු ලෙස පිරිවැටුම් මත බදු අය කරන මේ නව පනත ගෙනත් තිබෙනවා. මේ හරහා රු බිලියන 120 ක ආදායමක් රජය අපේක්ෂා කරනවා.

බදු පැනවීමේ දී ව්‍යාපාරිකයාට මෙන් පාරිභෝගිකයාටද එය බලපාන නමුදූ, පසුවට බලපාන පරිදි පසුගිය අප්‍රේල් හෝ ජූලි මස සිට අතීත ව්‍යාපාර මත මෙම නව බද්ද අය කිරීමෙන් ව්‍යාපාරිකයන්ට හා ව්‍යාපාරවලට පමණක් පාඩු සිදු වීමට ඉඩ ඇත.

එහෙයින් පොදුවේ ව්‍යාපාරික ප්‍රජාව ඉල්ලා සිටින පරිදි බදු වසරක ආරම්භයේ සිට අය කිරීමට කටයුතු කරන්නැයි හෙතම රජයෙන් ඉල්ලා සිටියේ ය. දැන් බොහෝ ව්‍යාපාර ආයතන පරිගණක තාක්ෂණය හරහා බදු ගෙවීම සකස් කරන බැවින් අතර මඟ අළුත් බද්දක් එකතු කිරීමේ දී ව්‍යාපාරා ආයතනවල සැලසුම්වලට දුෂ්කරතා ඇතිවන බව ඔවුන් මැසිවිලි නගති.

“දේශපාලනඥයන්ට රාජ්‍ය පාලනයේ නිවැරදි ක්‍රම වේදයක් නැති වූවද නිසි සැලසුම මත ක්‍රියා කරන, බදු වසර අවසානයේ අයිතිකරුවන්ට ලාභාංශ බෙදන ව්‍යාපාරයන්ට මෙය අහිතකර යැයි කීය. බදු වසර අවසානයේ අයිතිකරුවන්ට ලාභාංශ ගෙවන ව්‍යාපාරවලට තම ඉදිරි සැලසුම් සකස් කිරීමේ දී මෙය අහිතකරය.”

වැට් බද්දට උඩින් ව්‍යාපාර මත පිරිවැටුම් බද්දක් පනවන විට එහි සැබෑ බදු ප්‍රමාණය ප්‍රකාෂිත අගයට වඩා වැඩිය. බදු කටයුතු වල නිරත ගණකාධිවරුන්ගේ ගණනය අනුව 15 % වැට හා 2.5 % මේ නව බද්ද සමඟ ව්‍යාපාර මත වක්‍ර බදුවල අගය 25 % පමණ වනු ඇත. රජයේ සංඛ්‍යා ලේඛන අනුව ආහාර උද්ධමනය 95 % ක් පමණ මේ අවස් ථාවේ මේ නව බද්ද සමඟ උද්ධමනය තවත් වැඩි වී ජනතාව තවත් ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිදුවීම වැළක්විය නොහැක. එම නිසා රජය වක්‍ර බදු අය කිරීමේ දී අන් සියලු බදු ඉවත් කර අගය එකතු කළ වැට් බදු වලට පමනක් සීම කළ යුතු යැයි ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.

වක්‍ර බදු පැනවීම තුළින් රටේ දුප්පත් ජනතාවට එකී බලපෑම වැඩියි.අයි එම් එෆ් ගිවිසුම ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කළ ද එය පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවට හෝ අනිවාර් යයෙන් ඉදිරිපත් කළ යුතුයි.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය හා ජනවරම පිළිබඳව විග්‍රහයක් කළ ඉරාන් වික්‍රම්‍රත්න මහතා අද පාර් ලිමේන්තුවේ කෙළසුණු හා විකෘති ජනවරමක් තිබෙන මේ රජය විද්‍යාත්මක පදනමකින් තොරව රාජ්‍ය ඇමතිවරු පත් කර තිබෙන බව චෝදනා කළේය. මේ විකෘති ජනමතය ප්‍රකෘති තත්ත්වයට පත් කර රට යළි නිසි මගට දැමීමට නම් ඡන්දයකට යා යුතු වනවා විනා වෙනත් විකල්පයක් නැතැයි අවධාරනය කළේය.

Leave a Reply