ශ්‍රී ලංකාවේ යෝජිත අගය එකතු කළ බද්ද (VAT) සංශෝධන හේතුවෙන් ව්‍යාපාරික වියදම් ඉහළ යාමටත්, බදු සම්බන්ධ ආරවුල් වැඩිවීමටත් ඉඩ ඇති බව Ernst & Young (EY) ශ්‍රී ලංකාව පෙන්වා දෙයි.
EY විසින් නිකුත් කළ නව බදු විශ්ලේෂණ වාර්තාවකට අනුව, ඩිජිටල් සේවා, මූල්‍ය සේවා සහ ආයෝජන ආදායම් සම්බන්ධ යෝජිත නීති ප්‍රතිපාදන පැහැදිලි නොවීම නිසා ව්‍යාපාරිකයන්ට අමතර බදු බරක් සහ අනුකූලතා වියදම් ඇති විය හැකිය.
විදේශීය ඩිජිටල් සේවා සපයන්නන් සඳහා VAT අය කිරීමේදී “ඩිජිටල් සේවා” යන්නට නිශ්චිත අර්ථ දැක්වීමක් නොමැති වීම හේතුවෙන් බදු ගණනය කිරීමේ ගැටලු ඇතිවිය හැකි බව EY පවසයි. එම බදු බර අවසානයේ පාරිභෝගිකයන් වෙත මාරු වීමේ අවදානමක් ද පවතී.
තවද, holding companies සහ ආයෝජන සමාගම් සඳහා VAT on Financial Services ගණනය කිරීමේදී realised හා unrealised gains දෙකටම VAT අදාළ විය හැකි බවත්, එය සාමාන්‍ය VAT ක්‍රමවේදයෙන් ඉක්මවා යන බවත් වාර්තාව පෙන්වා දෙයි.
සේවකයන්ට ලබාදෙන වාහන පහසුකම්, නිල ඇඳුම් සහ refreshments වැනි මුදල් නොවන ප්‍රතිලාභ “fair market value” මත VAT ගණනයට ඇතුළත් වීම නිසා මූල්‍ය ආයතන සඳහා තවත් ගැටලු මතුවිය හැකි බවද සඳහන් වේ.
2026 ජූලි 1 සිට VAT on Financial Services අනුපාතය 18% සිට 20.5% දක්වා වැඩි කිරීමටත්, VAT ලියාපදිංචි සීමාව අඩු කිරීමටත් යෝජනා කර ඇති අතර, ඒ හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් VAT පද්ධතියට ඇතුළත් වීමට නියමිතය.
EY අවධාරණය කරන්නේ, නව නීති ක්‍රියාත්මක කිරීමට පෙර තවදුරටත් පැහැදිලි නීතිමය උපදෙස් සහ මාර්ගෝපදේශ ලබාදීම අත්‍යවශ්‍ය බවයි.



