Wednesday, May 20, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

මත්ද්‍රව්‍ය පානය කර බස් රථ පැදවූ රියදුරන් හා කොන්දොස්තරවරුන් 9ක් කළුතරදී අත්අඩංගුවට.

මත්ද්‍රව්‍ය පානය කර මගී ප්‍රවාහන බස් රථවල සේවයේ නිරත වූ රියදුරන් 8 දෙනෙකු සහ කොන්දොස්තරවරයෙකු කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දකුණ පොලිස් වසම ආශ්‍රිතව දියත් කළ විශේෂ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මගී ප්‍රවාහන බස් රථවල සේවයේ නිරතව සිටියදී ඔවුන් අහඹු ලෙස සිදුකළ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35 ත් 57 ත් අතර පසුවන පිරිසක් වන අතර, ඔවුන් පයාගල, යටියන, දොඩංගොඩ, තෙබුවන, මීගහතැන්න සහ කළුතර දකුණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය තහවුරු කරයි.

මගීන්ගේ ජීවිත අනතුරේ හෙළමින් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළ සැකකරුවන් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සහ නීතිමය පියවර ගනිමින් සිටී.

Popular Articles