14 හැවිරිදි දරුවෙකු විහාරස්ථානය තුළදීම අමානුෂික ලෙස අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව, තඹුත්තේගම හුරිගස්වැව තලාකොල වැව විහාරයේ 65 හැවිරිදි විහාරාධිපති හිමිනමට අනුරාධපුර විශේෂ මහාධිකරණය අද (28) දැඩි දඬුවම් නියම කළේය.
ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා විසින් විත්තිකාර හිමිනම චෝදනා තුනටම වරදකරු කරනු ලැබීය.
ඒ අනුව,
- බරපතළ වැඩ සහිත වසර 30ක සිරදඬුවමක් නියම විය (එය වසර 10කින් එකවර ගෙවී යන පරිදි නියම කෙරිණි).
- වින්දිත දරුවා වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවීමට නියම වූ අතර, එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිරදඬුවමක්.
- චෝදනා තුනට අදාළව රුපියල් 35,000ක දඩයක් නියම වූ අතර, එය නොගෙවන්නේ නම් එක් එක් චෝදනාවට මාස 4 බැගින් අතිරේක සිරදඬුවම්.
විත්ති පාර්ශවය විසින් රෝගාබාධ පදනම් කරගෙන වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළද, ළමා ආරක්ෂාව පිළිබඳව සමාජයට දැඩි පණිවිඩයක් ලබා දෙමින් අධිකරණය මෙම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කළේය.




