spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

සමාජවාදී කියුබාවත් ආර්ථික මොඩලය වෙනස් කරයි

කියුබානු ආර්ථිකය නව මගකට යොමු කිරීම ඉලක්ක කරමින් මේ දක්වා රජයේ ඍජු අධීක්ෂණය මත ක්‍රියාත්මක වූ කේෂ්ත්‍ර රාශියක් තුල ප්‍රතිසංස්කරණය අරමුණු කර ගනිමින් පියවර 176ක් ඇතුලත් පනත් කෙටුම්පතක් කියුබානු පාර්ලිමේන්තුව අද දිනයේ අනුමත කර ඇත. ඒ අනුව සමාජවාදය ආරක්ෂා කර ගනිමින් වෙළඳපල ආර්ථිකයක් කරා ගමන් කිරීමේ ප්‍රථම පියවර මේ අනුව කියුබාවේ ආරම්භ කරනු ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධ මත වාද නිර්මාණය වෙමින් පවතින අතර පසු ගිය කාලයේ රට තුල නව ප්‍රතිසංස්කරණ ඇති කිරීම පිළිබඳව කියුබාව හා ඇමරිකාව අතර දීර්ඝ ලෙස සාකච්චා වූ බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටියහ. නමුත් නව ප්‍රතිසංස්කරණ හා එම සාකච්චා වල සම්බන්ධයක් නැතැයි කියුබානු රජයේ ආරංචි මාර්ග අවධාරණය කර සිටි.

කියුබානු පාර්ලිමේන්තුව විසින් සම්මත කල මෙම නව ප්‍රතිසංස්කරණ අතරට ගමනාගමනය, සේවා, තොග වෙළඳාම ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් වාණිජ සමාගම් බවට පරිවර්තනය කිරීම, ඒවාහි කොටස් මිලදී ගැනීම හෝ සහබාගිත්වය මගින් පෞද්ගලික අංශයට විවෘත කිරීම සහ සේවකයින් 100 කට වඩා සිටින සමාගම් පිහිටු වීමට හා ඒවා මෙහයවිමේ සීමා රහිත බලය ලබා දීමද ඇතුළත් වේ. මෙම කේෂ්ත්‍ර පුද්ගලික අංශයට විවෘත කලද ඒවා රාජ්‍ය අංශය සමග තරඟ කාරි ලෙස පවත්වා ගෙන යනු ලැබීමට නියමිතය.

වසර 64ක් පුරා එක්සත් ජනපදයෙන් උපරිම පීඩනයට ලක්ව ඇති දිවයින මාස පහකට ආසන්න කාලයක් තෙල් අවහිරයකට ලක්ව ඇති බැවින්, රට අත්විඳින දැඩි ආර්ථික අර්බුදය අවසන් කිරීම සඳහා සම්මත කරන ලද පියවර 176 හි අරමුණ වී ඇත්තේ එයින් රට මුදවා ගැනීම බව එරට රජයේ ආරංචි මාර්ග තව දුරටත් පෙන්වා දේ.

විශේෂයෙන්, පෞද්ගලික සහ රජය සතු ව්‍යවසායන්, බැංකු, සංචාරක, කෘෂිකර්මාන්තය, විදේශ ආයෝජන, බදු, වැටුප් සහ විදේශ විනිමය වෙළඳපොළ සංවිධානය කිරීම පිළිබඳව ඍජුව අධීක්ෂණය කරනු ලබන නමුත් විදේශ ආයෝජකයින් සඳහා මෙම කේෂ්ත්‍ර සඳහා රාජ්‍ය අංශය සමග සම්බන්ධ වීමේ අනිවාර්‍ය වීම යන කොන්දේසිය ඉවත් කර ඇත. පෞද්ගලික අංශය තුල විදේශ ප්‍රාග්ධනයේ සහභාගීත්වය සහ පුද්ගලයින් සඳහා විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමේ නිදහස ද මෙයට ඇතුළත් වේ. ඒ අනුව ආයෝජකයින්ට ස්වාධීනව රජයේ මැදිහත් වීමකින් තොරව රටේ තෝරා ගත් අංශ වල ආයෝජනය කිරීම පහසු කරනු ලබනු ඇත.

ඛණිජ තෙල් අපනයනය, පුනර්ජන බල ශක්තිය නිපදවීම, සුර්ය බල ශක්ති පැනල සඳහා විදේශ සමාගම් වලට ඍජුවම ආයෝජනය කිරීමට හැකි වනු ඇත. කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, බැංකු සහ විදේශ විනිමය වෙළඳපොළ මේ වන විටත් දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජන සඳහා විවෘත කර ඇත. මේ දක්වා මෙම ආයෝජන ප්‍රධාන වශයෙන් රජය සතු ව්‍යවසායන් ලෙස නම් කර තිබුණි. සූර්ය පැනල වැනි පුනර්ජනනීය බලශක්ති ආයෝජන සඳහා බදු සහන ද ක්‍රියාත්මක කෙරේ.

කෙසේවෙතත් කෘෂිකාර්මික ඉඩම් රාජ්‍ය අයිතිය යටතේ පවතිනු ඇත, නමුත් වන වගාව, කෘෂි සංචාරක ව්‍යාපාරය සහ දුම්කොළ නිෂ්පාදනය සඳහා පෞද්ගලික සමාගම්වලට මැදිහත් විය හැක.

මිලියන 9.6 ක ජනගහනයක් සිටින කියුබාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ තුලින් තවදුරටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් පමණක් නොව විශාල පෞද්ගලික සමාගම් ස්ථාපිත කිරීමට හා ඒවා රාජ්‍ය අංශය සමග තරඟ කිරීමට හැකි වනු ඇත යයි ලන්ඩනයේ වෙසෙන කීර්තිමත් කියුබානු ආර්ථික විශේෂඥයයෙකු වන ඩැනියෙල් ටොරල්බාස් පෙන්වා දේ.

“1959 දී ෆිදෙල් කැස්ත්‍රෝ විසින් මෙහෙයවන ලද විප්ලවයෙන් පසු, කියුබානු ආර්ථිකය පාලනය කරනු ලබන්නේ සැලසුම් සහගත සහ මධ්‍යගත පද්ධතියකින් වන අතර, රජය සතු ව්‍යවසායන් එහි මුල් ගල ලෙස තබා ඇත. රාජ්‍ය අරමුදල් සහිත සමාගම් තවමත් ආර්ථිකයෙන් 80% ක් නියෝජනය වුවත් නව ආර්ථික ප්‍රතිපත්තිය අනුව එය අවසන් වනු ඇත. මේ වන තෙක් කියුබානුවන්ට හිමි කර ගත හැක්කේ ඔවුන්ගේ නිවස, ඔවුන්ගේ ව්‍යාපාරය හෝ කුඩා ඉඩමක් පමණි. නව ප්‍රතිපත්තිය අනුව ඔවුන්ට පුද්ගලික අංශය තුලත් රැකියා හා ආයෝජනයන් සඳහා මැදිහත් විය හැකියි” යයි ඔහු වැඩිදුරටත් පවසා සිටි.

කෙසේ වෙතත් 2011 සිට කියුබාවේ පුද්ගලික නිවසක අයිතිය හිමි වූවත් රටේ සියළු දේපල අයිතිය ඇත්තේ රජයට වේ. නව ව්‍යාපෘතිය මගින් කියුබානුවන්ට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා රජයේ දේපල මිලදී ගැනීමට හැකිවනු ඇත. එසේම පෞද්ගලික සමාගම් එකකට වඩා හිමිකර ගැනීමට සහ අනෙකුත් සමාගම්වල කොටස් මිලදී ගැනීමට ද හැකි වනු ඇත. මේ දක්වා රජය විසින් අනුමත කල සමාගම් තුළ වැටුප් පිලිබඳ තීරණය කිරීමට සාකච්ඡා සඳහා ද අවසර දෙනු ලැබේ.

පසුව පාර්ලිමේන්තුව ඇමතු කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් ප්‍රකාශ කළේ අතීතයේ සිදු වූ “වැරදි නිවැරදි කිරීමට, නමුත් සෑම විටම සමාජවාදය ආරක්ෂා කිරීම” අරමුණු කර ගනිමින් මෙම පරිවර්තනයන් සිදු කරනු ලබන බවයි.

“ජනතාවගේ ජීවිත දුෂ්කර වන විට, කොමියුනිස්ට් පක්ෂයේ සහ විප්ලවවාදී රජයේ පළමු යුතුකම වන්නේ අර්බුදය වඩා හොඳින් ජනතාවට දිවා රාත්‍රියේ පැහැදිලි කිරීම නොව, එය ජය ගැනීම සඳහා වෙනස් කළ යුතු දේ වෙනස් කිරීමයි. චීනය සහ වියට්නාමය අත්පත් කර ගත් ආර්ථික මොඩලය තුල තිබුනේ සාර්ව(MACRO) ආර්ථික ස්ථායිකරණය, නිෂ්පාදන විවෘත කර උත්තේජනය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට දිරිගැන්වීම් සඳහා රජය මැදිහත් විය යුතුව තිබෙනවා. ඉලක්කගත හා ඵලදායී සමාජ ආරක්ෂාවක් සහිතව ගැඹුරු, නම්‍යශීලී සහ කෙටි කාලීන ආර්ථික පරිවර්තනයක අවශ්‍යතාවය කියුබාව දැඩිව ඉල්ලා සිටිනවා. රටේ පරිපාලනය තුල, රාජ්‍ය ආයතන තුල නියාමන පරිසරයක් නිර්මාණය කිරීම මගින් ආයෝජකයින් දිරිමත් කරමින් කම්කරුවන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට සහ ගුණාත්මක සේවා කාර්යක්ෂම කිරීම සඳහා මැදිහත් කර යුතුව පවතිනවා. මන්දගාමී බව, නිලධාරිවාදය, ආයෝජනය කිරීමට කැමති අයට සිදු කරන බාධා හා නීති අප අවසන් කරනු ලබනවා.

අපි එක්සත් ජනපදයට කියන්නේ වෛරයකින් තොරව නමුත් බියෙන් තොරව, ඔබට සැබවින්ම කියුබානු ජනතාවට උදව් කිරීමට අවශ්‍ය නම්, අපට ජීවත් වීමට ඉඩ දෙන්න. කියුබාවට නිදහසේ වෙළඳාම් කිරීමට, ඖෂධ මිලදී ගැනීමට, ඉන්ධන ආනයනය කිරීමට, ආයෝජන ශක්තිමත් කරගැනීමට, ණය සහ මූල්‍යකරණය ලබා ගැනීමට සහ විදේශයන්හි සහ ලෝකයේ සෙසු රටවල් සමඟ එහි පුරවැසියන් සමඟ සාමාන්‍ය සබඳතා ඇති කර ගැනීමට ඉඩ දෙන්න” යයි කියුබානු ජනාධිපති වරයා අවසාන වශයෙන් පවසා සිටියේය.

කියුබාව

Popular Articles