spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

කාර් එක ගිණිතිබ්බෙ දරුව නෙවියි.. එයා කියපු සමාජ මාධ්‍යය කලේ අපරාධයක්..

කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විද්‍යාලයක ගුරුවරයෙකුගේ මෝටර් රථයක් ගිනි ගැනීමට ලක්වීම සහ ඒ සම්බන්ධයෙන් 8 හැවිරිදි (3 වසරේ) දරුවෙකු වගකිව යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩීයෝ සංසරණය වෙමින් පැතිර යනවා දකින්න ඇතිනේ. මෙම සිදුවීමට අදාළව, වත්මන් තත්ත්වය සහ ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු කිහිපයක් පවතිනවා….

1. පොලිස් නිල ප්‍රකාශය.

ශ්‍රී ලංකා පොලිසිය විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම 8 හැවිරිදි දරුවා වාහනයට ගිනි තැබූ බවට එල්ල වන චෝදනාවලට කිසිදු සාක්ෂියක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි..වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ සිද්ධිය සිදුවන අවස්ථාවේ මෙම දරුවා එම වාහනය අසලින් ගමන් කර ඇති බව පමණි…ඒ අනුව දරුවා වැරදිකරුවෙකු ලෙස තීරණය කර නොමැත.

2. මෙම සිදුවීමේදී ළමා අයිතිවාසිකම් සහ නීතිය උල්ලංඝනය වී ඇති ආකාරය..

මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන සහ දරුවාගේ තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම දැඩි සදාචාරාත්මක සහ නෛතික වරදක්.

* අසත්‍ය චෝදනා එල්ල කිරීම:

පොලිස් පරීක්ෂණ මඟින් වරදකරු බව තහවුරු වීමටත් ප්‍රථම, 8 හැවිරිදි කුඩා දරුවෙකු “වාහනයක් ගිනිතැබූ අපරාධකරුවෙකු” ලෙස සමාජ මාධ්‍ය මඟින් හංවඩු ගසා ඇත..

අදාළ වීඩීයෝ එක සහ කමෙන්ට් දැක්ක නම් මේ ගැන නොදැක්කා වෙන්න බෑ.)

* අනන්‍යතාවය හෙළි කිරීම:

දරුවාගේ මුහුණ, ඔහු ඉගෙන ගන්නා පාසල සහ වයස වැනි සියලු තොරතුරු ප්‍රසිද්ධ කිරීම ළමා ආරක්ෂණ පනත් උල්ලංඝනය කිරීමකි…

* මානසික සහ සමාජයීය බලපෑම:

පසුව ඔහු නිර්දෝෂී බව ඔප්පු වුවද, දැනටමත් සමාජ මාධ්‍ය හරහා සිදුවී ඇති අපහාසය නිසා එම දරුවාට පාසලට යාමට නොහැකි වීම,

කොන්වීම සහ දැඩි මානසික බිඳවැටීමකට ලක්වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.

3. එවැනි දර්ශන මුදාහළ අයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග:

ළමයෙකුගේ ආරක්ෂාවට සහ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් ක්‍රියා කළ පුද්ගලයන්ට (සහ මාධ්‍යවලට) එරෙහිව දරුවාගේ දෙමාපියන්ට හෝ භාරකරුවන්ට පහත පියවර ගත හැකිය:

* ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA):

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිල වෙබ් අඩවිය හරහා හෝ 1929 හදිසි ඇමතුම් අංකය මඟින් දරුවාගේ අනන්‍යතාවය අවභාවිත කිරීම පිළිබඳව පැමිණිලි කිරීම.

* ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය:

ළමා අයිතීන් උල්ලංඝනය කරමින් දර්ශන ප්‍රසිද්ධ කළ අයට එරෙහිව ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම.

* සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හට පුලුවන් එම වීඩීයෝ report කරන්න:

අදාළ වීඩියෝව පවතින

Facebook, YouTube හෝ TikTok video ‘Harassment or Bullying involving a minor’ යටතේ වාර්තා කර එය වහාම ඉවත් කිරීමට කටයුතු කිරීම.

පොලිසිය විසින් තවදුරටත් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන බැවින්, නිල නිගමනයකට පෙර මෙවැනි සංවේදී වීඩියෝ සමාජ මාධ්‍ය හරහා Share කිරීමෙන් වැළකී සිටීම පුරවැසියන් ලෙස අප සැමගේ වගකීමකි.

මාධ්‍යය සාකච්චාවේ වීඩියෝව… මේ විදිහටම විනාශ කල ජීවිත කිහිපයක් ගැන..

දැන් මේ දරුවාගේ ජීවිතයට වගකියන්නේ කවුද…. ?

අපි වේලාසණින් අවධිවූවාට වේලාසණින් හිරු පායන්නේ නැත.. එහෙත් කවදාහෝ හිරු පායද්දී වේලාසනින් අවදි වී සිටීම ප්‍රයෝජනවත් වනු ඇත…..

Popular Articles