fbpx

අරගලයට ආවේ මිලියන තුනයි: දෙකක් මාලිමාවේ!

HotPolitical

ගාළු මුවදොර මූලික කරගෙන ඇති වූ අරගලයට තත්ත්වයට මෙරට ජනතාවගෙන් මිලියන තුනක ප්‍රමාණයක් සහභාගී වූ බව ජාතික ජන බලවේගයේ විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

ඉන් මිලියන දෙකක් ඉක්මවූ කොටසක් ජාතික ජන බලවේගයට සහාය දෙන බවද හෙතෙම පැවසීය.

අද දකින්නට ඇත්තේ අනුර දිසානායකට හෝ පක්ෂයට ඇති කැමැත්තකට වඩා වෙනසක් දකින්නට අවශ්‍ය වූ ජනතාව මිලියන තුනක එකතුවක් බවද හෙතෙම කියා සිටියේය.

සිරස රූපවාහිනියේ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කරන ලදී.

කබරගොයා පොලිටික්ස්

එක්සත් මහජන පක්ෂයේ දේශපාලන ලේකම් හේමප්‍රිය කවිරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ ගාළු මුවදොර මූලික කරගෙන ඇති වූ අරගලයට මෙරට ජනතාවගෙන් මිලියන තුනක ප්‍රමාණයක් පමණක් සහභාගී වූ බව ජාතික ජන බලවේගයේ විධායක සභික චතුරංග අබේසිංහ මහතා පවසන්නේ කුමන පදනමකින් ද යන බවයි.

ඒ මහතා දැක්වූ අදහස පහතින්,

“ගෝල්ෆේස් එක පැත්ත පළාතේ ආවේ නැති චතුරංග මොනාද අරගලය ගැන දන්නේ? ඔන්න ජාතික ජන බලවේගයේ එරංග නම් අරගලයේ සක්‍රීයව හිටියා. චතුරංග ගෝල්ෆේස් එකට ආපු ප්‍රමාණය කොහේ හරි ඉදන් ගැන්නද? අනික ගෝල්ෆේස් එකට ආපු මිලියන තුනෙන් මිලියන දෙකක් ඉන්නේ එකත් එක්ක කියන්නේ අයිඩින්ටි කාර්ඩ් එකතු කරලද? මොකද්ද මේ කතාවල මුලාශ්‍රය? කටට ආවට කියන කෙබර තමා මේ.

අනික ගෝල්ෆේස් එක පැත්ත පළාතේ එන්න එපා කියන අදහස අඟවමින් නිවේදන නිකුත් කරපු ජවිපෙ හාදයෝ අද අරගලයට රබර් මුද්‍රා තියන්න හදනවා. ඒ කාලේ නම් නිවේදන ගැහුවේ ‘ඕනෑම ආකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාබ ලෙස ලබාගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කරමු’ කියලා. මේවා තමා කබරගොයා පොලිටික්ස් කියන්නේ…”

හේමප්‍රිය කවිරත්න මහතා පසුගියදා විසුරුවා හරි Black Cap Movement සංවිධානයේ කැඳවුම්කරු ලෙස මීට පෙර කටයුතු කිරීය.

Leave a Reply