Home Blog Page 45

ආණ්ඩුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා තියෙන්නේ බාසනයේ කතා කිරීමේ අයිතිවාසිකම් කඩ කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

0

සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන අෂාන් කොටවත්ත ඊ රාත්‍රී දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තිබෙනවා.
ඒ ගල්කිස්ස නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී කාමරයේ පොටෝකොපියක් ගැසීම ජංගම දුරකථනය විදුලි ආරෝපණය කිරිම චෝදනා දෙක ඔහුට ගොනුකර තිබුණා.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අෂාන් කොටවත්ත මහතා බැලීමට අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේහිවල පොලිසියට පැමිනියා. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකල අදහස් දැක්වීම.

ඉරානය ලෝක සිතියමෙන් මැකී යන පරිදි ප්‍රහාර එල්ල කරනවා – ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

0

හෝමූස් සමුද්‍ර සන්ධිය සහ පර්සියානු ගල්ෆ් කලාපය ආශ්‍රිතව ඇමෙරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට ඉරානය කටයුතු කළහොත්, එම රට ලෝක සිතියමෙන් පවා මැකී යන පරිදි දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
විදෙස් මාධ්‍ය ආයතනයක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා පවසන පරිදි දැනට ඔහු සතුව ප්‍රධාන විකල්ප දෙකක් පවතී:
අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වූ එකඟතාවයකට පැමිණීම.
යළිත් වරක් දැඩි හමුදා මෙහෙයුම් දියත් කිරීම.

හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ ඉරාන බෝට්ටු හතක් ඇමෙරිකානු හමුදා විසින් විනාශ කළ බව ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ ද සටහන් කර තිබුණි. මීට පෙරද ඔහු සමාජ මාධ්‍ය හරහා පවසා සිටියේ ඉරානය මෙලෙස කටයුතු කළහොත් සමස්ත ශිෂ්ටාචාරයක්ම අතුගා දැමීමට තමා පසුබට නොවන බවයි.

වැලිකඩ රැඳවියෙකු මියයයි: බන්ධනාගාර නියාමකවරුන් 3ක් අත්අඩංගුවට!

0

මත්ද්‍රව්‍ය චෝදනාවකට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේම සේවය කරන නියාමකවරුන් තිදෙනෙකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, අදාළ රැඳවියාට බන්ධනාගාර නිලධාරීන් විසින් පහර දී ඇති බවට ඥාතීන් කරන ලද චෝදනා මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

පසුගිය 03 වන දින බන්ධනාගාරයේ පිරිසිදු කිරීමේ කටයුත්තක් අතරතුර මෙම රැඳවියා පළා ගොස් තිබේ.

පසුව නිලධාරීන් විසින් ඔහුව යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇත.

එහිදී හදිසියේ රෝගාතුර වූ රැඳවියා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට!

0

මැදපෙරදිග ගල්ෆ් කලාපයේ පවතින උණුසුම් තත්ත්වයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීම මීට ප්‍රධානතම හේතුව වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල්: බැරලයක මිල අමෙරිකානු ඩොලර් 6.79කින් (6.3%) ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල සටහන් වන්නේ ඩොලර් 114.96ක් ලෙසයි.

වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල්: මිල ඩොලර් 4.23කින් (4.2%) ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල ඩොලර් 106.17ක් දක්වා වැඩි වී තිබේ.

මැතිවරණ නීති වෙනස් වෙයිද?

0

මැතිවරණ නීති සමාලෝචනයට මහාචාර්ය අභයරත්නගේ සභාපතිත්වයෙන් 12 දෙනකුගේ විශේෂ කාරක සභාවක්!

පළාත් සභා ඡන්ද විමසීම් හැර අනෙකුත් මැතිවරණ නීති පද්ධතිය ගැඹුරින් සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සාමාජිකයන් 12 දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (05) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

මෙම කාරක සභාවේ ප්‍රධාන වගකීම් සහ පත් කරන ලද සාමාජිකයන් පිළිබඳ විස්තර පහත පරිදි වේ:

පළාත් සභා ඡන්ද විමසීම් නීති හැර අනෙකුත් මැතිවරණ නීති පද්ධතිය ගැඹුරින් සමාලෝචනය කිරීම.

අදාළ සමාලෝචන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

පවතින මැතිවරණ නීතිමය රාමුව වඩාත් විනිවිදභාවයකින් යුතුව සකස් කිරීම සඳහා අවශ්‍ය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම.

මහාචාර්ය ඒ. එච්. එම්. එච්. අභයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද අනෙකුත් සාමාජිකයන් වන්නේ:

  • ආචාර්ය උපාලි පන්නිලගේ මහතා
  • මුනිර් මුලාෆර් මහතා
  • නීතිඥ සුනිල් වටගල මහතා
  • රවී කරුණානායක මහතා
  • ජේ. සී. අලවතුවල මහතා
  • හර්ෂණ රාජකරුණා මහතා
  • කදිරවේලු ශන්මුගම් මහතා
  • රුවන්තිලක ජයකොඩි මහතා
  • නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය
  • මයිල්වාගනම් තිගුදීස්වරන් මහතා
  • චන්දිම හෙට්ටිආරච්චි මහතා

සරේ දැවැන්තම උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ

0

අද (05) මධ්‍යම රාත්‍රියෙන් පසු සහ හෙට (06) අලුයම කාලයේදී අහසේ ඉතා පැහැදිලිව ‘ඊටා ඇක්වාරිට්ස්’ (Eta Aquariids) උල්කාපාත වර්ෂාව දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

මෙම උල්කාපාත වර්ෂාව වාර්ෂිකව සිදුවන ප්‍රධාන ගණයේ අභ්‍යවකාශ සංසිද්ධියක් වන අතර, මෙවර එහි උපරිම අවස්ථාව අද සහ හෙට දිනවලදී සනිටුහන් වේ. කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා සඳහන් කළේ, හෙට අලුයම 2.00 සිට ඉර පායන තෙක් කාලය මෙය නැරඹීමට වඩාත් සුදුසුම අවස්ථාව වන බවයි.

මොකක්ද මේ ‘ඊටා ඇක්වාරිට්ස්’?
සුප්‍රසිද්ධ හැලීගේ වල්ගාතරුව (Halley’s Comet) මගින් අභ්‍යවකාශයේ ඉතිරි කර යන දූවිලි සහ සුන්බුන් පෘථිවි වායුගෝලයට ඇතුළු වී ගිනි ගැනීමෙන් මෙම අපූර්ව ආලෝක ධාරාවන් නිර්මාණය වේ. මෙම උල්කාපාත කුම්භ (Aquarius) තරු පන්තිය දෙසින් විහිදී එන බවක් පෙනෙන බැවින් මෙයට ‘ඊටා ඇක්වාරිට්ස්’ යන නම භාවිත කෙරේ.

නරඹන්නේ කොහොමද?
අද මධ්‍යම රාත්‍රියෙන් පසු, එනම් හෙට (06) අලුයම 2.00 සිට 5.00 දක්වා කාලය.

නැගෙනහිර අහස දෙස බැලීමෙන් මෙම දසුන වඩාත් පැහැදිලිව දැකගත හැක.

මෙය නැරඹීම සඳහා දුරේක්ෂ හෝ විශේෂ උපකරණ අවශ්‍ය නොවන අතර පියවි ඇසින් ඉතා පැහැදිලිව නැරඹිය හැකිය.

කෙසේ වෙතත්, වලාකුළු වලින් තොර පැහැදිලි අහසක් තිබීම සහ ආලෝක දූෂණයෙන් තොර (නගරයෙන් බැහැර) අඳුරු ස්ථානයක සිට නැරඹීමෙන් මෙම දසුන වඩාත් හොඳින් අත්විඳිය හැකි බව විද්‍යාඥයන් පෙන්වා දෙයි. පැයකට උල්කාපාත 20 ත් 40 ත් අතර ප්‍රමාණයක් මෙහිදී දැකගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“පරිගණක වංචාව හෙළි කළ නිලධාරියාගේ මරණය යටගැසීමේ උත්සාහයක්?” උදය ගම්මන්පිලගෙන් බරපතල චෝදනාවක්!

0

මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු වූ රංග නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රතික්ෂේප කරමින්, පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල නව, ස්වාධීන කමිටුවක් මඟින් දෙවන පශ්චාත් මරණ පරීක්ෂාවක් සිදු කළ යුතු බව ඉල්ලා සිටියේය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයේ පැහැදිලිභාවය පිළිබඳ ගැටළු රැසක් පවතින බවයි. ඔහු පැවසුවේ, නිශාන්ත මහතා මුදල් අමාත්‍යාංශයේ සිදු වූ විශාල පරිගණක වංචාවක් හෙළි කළ ප්‍රධාන පුද්ගලයා බවයි.

පරීක්ෂණ කමිටුව මරණය සිය දිවි නසාගැනීමක් ලෙස නිගමනය කර තිබීම ඔහු විවේචනය කළ අතර, එම නිගමනය ගත් අවස්ථාවේදී වැදගත් අධිකරණ වෛද්‍ය වාර්තා තවමත් සම්පූර්ණ වී නොතිබූ බව ද කියා සිටියේය.

විශේෂයෙන්, මරණයට පෙර විෂ ද්‍රව්‍ය භාවිතා කළාද යන්න තීරණය කිරීමට අවශ්‍ය වාර්තා තවම නිකුත් වී නොමැති බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම, භාවිතා වූ ආයුධය මත හමු වූ ඇඟිලි සලකුණු සම්බන්ධයෙන් රජයේ විශ්ලේෂක වාර්තාවත්, ලේ පිළිබඳ DNA පරීක්ෂණ වාර්තාවත් විමසා බැලීමට කමිටුව කටයුතු නොකළේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

මෙවැනි තත්ත්වයකදී නිගමනයකට පැමිණීම, සිද්ධිය ඉක්මනින් අවසන් කිරීමට බාහිර පීඩනයක් පවතින බවට සැකයක් ඇති කරයි යැයි ඔහු කියා සිටියේය.

කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කළ ලිපියක් සහ ඒ අනුව කමිටුව පත් කළ ලිපියක් සම්බන්ධයෙන්ද ඔහු උපුටා දැක්වීය.

එම ලිපි දෙකම මරණය සැකසහිත බවට මියගිය නිශාන්ත මහතාගේ බිරිඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පිළිගෙන ඇති බව ඔහු පැවසීය.

එවැනි සැකයන් තිබියදීත්, වැදගත් විද්‍යාත්මක පියවර මඟහැරී ඇති බව ඔහු චෝදනා කළේය.

තවද, පරීක්ෂණ කමිටුවේ සාමාජිකයන් තෝරා ගැනීමේ ක්‍රියාවලියද ඔහු විවේචනය කළේය. ඒ අනුව, කිසිඳු පක්ෂපාතිකමක් නැති ස්වාධීන පරීක්ෂණයක් සිදු වීමට එය බාධාවක් වන බව ඔහු කියා සිටියේය.

අවසානයේ, ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණ වෛද්‍ය නිලධාරීන් තුන්දෙනාගෙන් සමන්විත නව කමිටුවක් මඟින් දෙවන පශ්චාත් මරණ පරීක්ෂාවක් සිදු කළ යුතු බව ඔහු යළිත් අවධාරණය කළේය.

රජය විශ්වාසනීය පරීක්ෂණයක් සිදු කිරීමට අසමත් වුවහොත්, ජනතාවගේ විශ්වාසය තවදුරටත් පළුදු වනු ඇතැයිද ඔහු අනතුරු ඇඟවීය.

මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ පුරවැසිභාවය ගැන “දිනන දකුණ” සංවිධානයෙන් ප්‍රශ්න 5ක්!

0

“දිනන දකුණ” නම් සංවිධානයක් විසින්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ (මුදල් අමාත්‍යාංශ ලේකම්) පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටලු මතු කරමින් ප්‍රශ්න 5ක් අඩංගු ලිපියක් ඉදිරිපත් කර ඇත.

එම ලිපිය තුළ, ඔහුගේ පුරවැසිභාවය පිළිබඳ නිශ්චිත සහ සාක්ෂි සහිත පිළිතුරු ලබාදිය යුතු බව අවධාරණය කරමින්, පහත ප්‍රශ්න ඉදිරිපත් කර ඇත:

ඔහු ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගත් නිශ්චිත දිනය කුමක්ද?

එම පුරවැසිභාවය අත්හැරියේ නම්, එය අත්හැරූ දිනය කුමක්ද?

එය අත්හැරීමෙන් පසු, නීතිමය ප්‍රතිපාදන යටතේ නැවත ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් දිනය කුමක්ද?

ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස දිවුරුම් දීමේ අවස්ථාවේදී,

ඔහු සම්පූර්ණයෙන්ම විදේශ පුරවැසිභාවය අත්හැර තිබුණාද?
නැතහොත් අත්හැරීම සඳහා ඉල්ලීමක් පමණක් ඉදිරිපත් කර තිබුණාද?

2010.02.03 දිනට අදාළව ප්‍රචාරණය වන C19090060828 අංකය ඔහුගේ විදේශ පුරවැසිභාවය සමඟ සම්බන්ධද, නැතහොත් ජනතාව වැරදි මඟට ගෙන යන තොරතුරක්ද?

මෙම සංවිධානය විසින්, රාජ්‍ය පාලනයේ පැහැදිලිභාවය සහ විශ්වාසය තහවුරු කිරීම සඳහා, මෙම කරුණු සම්බන්ධයෙන් ඉක්මන් හා සාක්ෂි සහිත පැහැදිලි කිරීමක් ලබාදිය යුතු බවද අවධාරණය කර ඇත.

චෙම්මනි සමූහ මිනීවළෙන් තවත් අස්ථි කොටස් රැසක් හමුවෙයි!

0

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පිහිටි සමූහ මිනීවළේ හයවන අදියරේ කැණීම් කටයුතු හයවන දිනටත් ක්‍රියාත්මක වන අතර, එහිදී මිනිස් සිරුරු 245කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන තිබේ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ. නිරංජන් මහතා සඳහන් කළේ, එම හඳුනාගත් සිරුරු අතුරින් 243කට අදාළ අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති බවයි.

පසුගිය අප්‍රේල් 27 වැනිදා ආරම්භ වූ හයවන අදියරේ කැණීම් කටයුතු යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කෙරේ. මෙම කටයුතු සඳහා විශේෂඥ කණ්ඩායමක් එක්ව සිටින අතර ඊට ඇතුළත් වන්නේ:

කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා.

යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා.

2025 සැප්තැම්බර් 06 වැනිදා නිමාවට පත් වූ පස්වන අදියරේ කැණීම්වලදී සිරුරු 240ක අස්ථි කොටස් හමු වූ අතර ඉන් 239ක් ගොඩගැනීමට කටයුතු කර තිබුණි. හයවන අදියරේ කැණීම් ආරම්භ කර ඇත්තේ සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂණ වාර්තාවල (Scan Reports) දත්ත සැලකිල්ලට ගනිමිනි.

කැණීම් කටයුතු අතරතුර හමුවන අස්ථි කොටස් මෙන්ම අනෙකුත් භාණ්ඩ, යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ ආරක්ෂිතව තබා ඇත. ඒවා දැනට යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතාගේ භාරයේ පවතින බව වාර්තා වේ.

මෙම කැණීම් මගින් හෙළිවන තොරතුරු උතුරේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා අතිශය තීරණාත්මක සාක්ෂි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙසක් දන්සල් දෙන අයට වැදගත් පණිවිඩයක්!

0

එළැඹෙන වෙසක් පොහෝ දින දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රකාශක අනුර තිලකසිරි මහතා අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, දන්සල් සංවිධායකයින්ට තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) හමුවී මෙම ලියාපදිංචිය සිදු කරගත හැකි බවයි.

දන්සල පැවැත්වෙන ස්ථානය, සංවිධායක මණ්ඩලයේ තොරතුරු සහ දුරකථන අංක ලබාදෙමින් මෙම ලියාපදිංචිය සිදුකළ යුතුය. ඉන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පහත කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ඇත:

ආහාර පිළියෙල කරන ස්ථානයේ සනීපාරක්ෂාව.

ආහාර සුරක්ෂිතතාව සහ ගබඩා කිරීම.

කසළ නිසි ලෙස කළමනාකරණය කිරීම.

සංවිධායකයින් ආහාර බෙදාදීමේදී අතින් ආහාර ඇල්ලීමෙන් වැළකී සිටිය යුතු අතර, ඒ සඳහා සුදුසු උපකරණ හෝ අත්වැසුම් භාවිත කළ යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දන්සල්වල ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් නිකුත් කර ඇති ප්‍රධාන මාර්ගෝපදේශ මාලාව පහත පරිදි වේ: