fbpx

මන්දපෝෂණයට එරෙහිව, පාසල් දරුවන්ට පෝෂ්‍යදායි බත් වේලක්!

HotLocal

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ඇමරිකානු ඩොලර් මිලියන 27ක ආධාර යටතේ පාසල් දරුවන් සඳහා පෝෂ්‍යදායි බත් වේලක් ලබා දීමට කෘෂිකර් ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

රටේ පවතින ආර්ථික අර්බුදය හා ආහාර මිල ගණන් ඉහළ යාම හා ආහාර හිඟවීම පාසල් දරුවන්ගේ පෝෂණයට මහත් බලපෑමක් එල්ල කර ඇති හෙයින් පාසල්වල ප්‍රාථමික අංශවල ‌දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීම සඳහා ආහාර වේලක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව පාසල් දරුවන්ගේ පෝෂණය නැංවීම සදහා ෆෝලික් අම්ලය, යකඩ හා විටමින් අන්තර්ගත කර සමබල බත් වේලක් මෙම දිවා ආහාරය සඳහා ලබා දීමට නියමිතය.

ආහාර වේල සඳහා දිනකට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 82ක් ලෙස ගණන් බලා ඇති අතර එම සහල් ප්‍රමාණය වී අලෙවි මණ්ඩලය මගින් ලබා දීමට ද කෘෂිකර්ම අමාත්‍යවරයා එකඟත්වය පළ කර තිබේ.

Leave a Reply