fbpx

ලංකාවේ ළුෑණු මිල බස්සන්න ඉන්දියාවෙන් තල්ලුවක්!

ForeignHotLocal

ලොකු ළුෑණු අපනයන සඳහා ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ලොකු ළුෑණු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා උපරිම සීමාවකට යටත්ව මෙරටට ලොකු ළුෑණු අපනයනය කිරීමට ඉන්දීය අපනයනකරුවන්ට අවස්ථාව හිමි වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සහයෝගිතාවය මත උත්සව සමය වෙනුවෙන් එම තහනම ඉවත් කර තිබේ.

ඉන්දියාව ළුෑණු අපනයනය සීමා කිරීම නිසා පසුගිය කාලයේ අපේ රටේ ළුෑණු මිල සීඝ්‍රයෙන් ඉහළ ගියේ ය.

පසුව චීනය ඇතුළු රටවල් කිහිපයකින් ඉහළ මිල ගණන්වලට ලොකු ළූණු අලෙවි කිරීමට සිදු විය.

Thank You, India!

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඉන්දු-ලංකා මාධ්‍ය මිත්‍රත්වය (ILMF) සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට ලූනු අපනයනය කිරීමට ඉන්දියාව ගත් තීරණය ඉන්දු-ලංකා මාධ්‍ය මිත්‍රත්වය අගය කරබවයි. එසේම මෙම කාලෝචිත තීරණය ශ්‍රී ලංකාවේ දැනට පවතින ළූණු හිඟය සමනය කිරීමට සහ අපගේ පුරවැසියන්ට අත්‍යවශ්‍ය සහනයක් ගෙන දීමට සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇති බවත් ඔවුන් පවසයි.

එසේම මෙම සහයෝගය දැක්වීම අපගේ ජාතීන් දෙක අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කරන බවත් ශ්‍රී ලාංකීය ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ අවබෝධය සහ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට අපගේ ප්‍රශංසාව හිමි වන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply