fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

රනිල් – සජිත් සාකච්ඡා සාර්ථකයි: සජබ – එජාප දීගයක්?

දේශපාලන ක්ෂේත්‍රයේ තවත් ආන්දෝලනයක් ඇතිකළ පසුගියදා සිදුවූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ සහ සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවේදී වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධව සුභවාදී තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

නායක දෙපළගේ මෙම හමුව වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුත්ත සිදුකර ඇත්තේ තලතා අතුකෝරළ මන්ත්‍රීවරිය විසින් බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එජාප- සජබ දෙපාර්ශවයටම සම්බන්ධතා ඇති ප්‍රබලයකුගේ නිවසේ මෙම හමුව සිදුව ඇති අතර එහිදී මුලික අවධානයක් යොමුව ඇත්තේ වත්මන් ආණ්ඩුව පත්කළ දේශපාලන පළිගැනීම් ගැන ක්‍රියාකළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යන ආකාරය පිළිබඳවය. එහිදී විරුද්ධ පක්ෂ නායක දඩයමක් වෙනුවෙන් ආණ්ඩුව කැස කවමින් සිටින බවත් ඒ වෙනුවෙන් ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත් කම කෙරෙහි අවධානය යොමුව ඇති බවත් ඊට දෙපාර්ශවය එකඟව ඇති බවත් දැනගන්නට ඇත.

සජිත් පාර්ශවයෙන් තවත් බෝලයක් !

මෙහිදී සාකච්ඡා සුහදව යන අතරේ සජිත් පාර්ශවය තවත් යෝජනාවක් කරමින් තවදුරටත් සජබ – එජාප ලෙස බෙදී සිටීම වෙනුවට පක්ෂ දෙක එකතු කිරීම ගැන එක්සත් ජාතික පක්ෂ නායකයාගේ ස්ථාවරය විමසා ඇත. එහිදී සජිත් පාර්ශවය වැඩිදුරටත් පවසා ඇත්තේ, පක්ෂ නායකත්වය සජිත්ට සහ පක්ෂයේ ගෞරවණීය තනතුරක් එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට සූදානම් බවය.

Related news

‘විකිණීමට නොවේ!’ ආණ්ඩුවේ කයිවාරු අස්සේ, කොළඹ වරායේ ජැටිය ඉන්දියාවට

administrator

සෙලාන් බැංකුව වෙනුවෙන් ධම්මික – ඉෂාර සටනක

administrator

2021 පෙබරවාරි මාසයේ දී 13% කින් කොටස් වෙළෙඳපොළ පහළට

administrator

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම තවත් නිෂ්පාදන 350කට

administrator

හදිසියේ මතුවූ “රුපියල් ට්‍රිලියනය” තවත් හෙළිදරව්වක මුලද?

administrator

අක්කර ලක්ෂ දෙකක් ඩෝ ‘සර් වෙයි: ජනාධිපති බූට් එකකුත් තියලා

administrator